2011/09/13

57) එහා ගෙදර තාත්තගෙන් මෙහා ගෙදර පොඩි එකාට...

හොඳට දන්න ..දීල ගන්න ...- යක්ෂයා ...
අද Night shift එක .වැඩ ටික ඉවර කරල , ටිකක් විවේකව ඉන්නට ලැබුණා . මොකද අද අපේ ඒකකයේ ඉන්න රෝගීන් ඔක්කොම වගේ හොඳ තත්ත්වයෙන් ඉන්න නිසා . ඒ විවේකය නිකං කා දානවට වඩා post එකක් ලියන එක හොඳයි කියල හිතුන.



මොකක්ද ලියන්නේ කියල කල්පනා කරන අතරේ අපේ ඒකකය ළඟම තියෙන මානසික රෝග ඒකකයේ ඉහළ මහළෙ ජනේළයක් ලඟ කවුදෝ කෙදිරිගානවා ...ටිකක් අඳුරුයි ඒ හරිය , මෙයා අපේ ඒකකයේ රෝගියෙක් නොවුනත් හැමදාමත් අපේ එකකයට ඇවිත් අපිත් එක්ක බොහොම සුහදව කතා බහ කරල යන නිසා පවුලේ කෙනෙක් වගේ අඳුනගන්න පුළුවන්., මට මතක විදියට හමුදාවේ කාළයක් හිටපු කෙනෙක් දැන් යම් මානසික ගැටළුවකින් පෙළෙනවා ..එයාගේ වැඩේ හැමදාමත් රෑට ඔය විදියට ජනේලෙන් එළිය බලාගෙන මොනවදෝ කියවනවා .කෙඳරිගානවා ..දඟලනවා ..

ඔය සිද්ධිය බලාගෙන හිටි මට මතක් වුනේ මීට  අපි උසස් පෙල කරන කාළේ විතර අහපු කතාවක් , මේක නිකං විහිළු කතාවක් , මට මතකයි මේව අහල අපි ඒ කාළේ පණ යන කං හිනා වුනා , ඔන්න කතාව මේකයි , (මේ කතාව දැනටමත් ඔයාල හැමෝම දන්නවා ඇති , ඒත් නිකං කියන්නම් කෝ ) ඔන්න එක කාළක බොහොම ආදරෙන් බැදුනු යුවලක් හිටියා ..එයාලට දරු පැටවු පහක්  විතර හිටියලු . ඔන්න දැන් හය වැන්නටත් ගැබ් අරගෙන ඉන්න කාළේ මහත්තයට බිරින්දෑ ගැන හරියට දුක හිතිල , මොකද මේ ගැබ්බර බවයි , විලිරුදාවයි විඳින විදිය දැකලා ..එහෙම දුක හිතුන “මහත්තයා“ කාටත් හොරෙන් දේවලෙට ගිහින් “දෙයියෝ“ හම්බ වෙලා කීවලු “අනේ දෙවෝත්තමයන් වහන්ස ..මගේ බිරිඳ හැමදාත් මේ විඳින විළිරුදාව මටනං බලාගෙන ඉන්න බැහැ ..දැන් ඉතින් පස් පාරක් වින්දනේ ..අනේ ඔබ වහන්සේගේ කරුණාවෙන් ...මේ ගැබ්බර වේදනාවන් ,විළිරුදාවන් මේ වාරේ ඇයට නොදී බබාගේ තාත්තටම දෙන්න ..තාත්තත් දරන්න එපායැ  ඒ වේදනාවන් , “ ...ඒ දේවාලේ හරිම අනුහස්ලු ...ඔන්න දේව කන්නලව්ව කරල ඇවිත් මහත්තය ගෙදර ඉන්නවලු ...
මට කැක්කුමක් නැහැනේ ..
ඇත්තමයි මෙන්න බිරින්දැගේ ගැබ් බවේ වේදනාවන් අපහසුතා අඩුයිලු ...විළිරුදාවත් එන්න ළඟයි ..ඒත් මහත්තයට නං කිසි අමාරුවක් නැහැලු ..තව ටික දවසක් බලමුකෝ නේද ? මහත්තයා හිතා ගත්තලු ...ඔන්න එදා බිරින්දැට හොඳටම තදට විළිරුදාව වගේ දගලනව..වේදනාවක් නැහැ..මහත්තයට මේක හිතාගන්න බෑ..ඔන්න කෙඳිරිගානවා ඇහෙනවා ..ඒත් බිරින්දැත් නෙවෙයි ...මෙන්න බලන කොට එහා ගෙදර මහත්තය ජනේලෙ අල්ලගෙන මරලතෝනි දිදී දගලනවලු විලිරුදාවෙන් වගේම ...දන්නවනේ වෙන්න ඇත්තෙ මොකක්ද කියලා ...දෙයියෝ හරියටම බබාගේ තාත්තට විළිරුදාව දීලා ....මට ලස්සනට කතා කියන්න නම් පුළුවන්ද දන්නේ නැහැ ..

ඕක නං නිකම්ම විහිලු කතාවක් ...ඒත් ඔය වගේම ඇත්ත කතාවක් තියෙනවා ...අද කියන්නේ ඒ ඇත්ත කතාව ...
ඒ තමයි එහා ගෙදර අංකල්ගේ සිගරට් දුම නිසා අකාළේ මැරෙන්න වෙන මෙහා ගෙදර බබා ගැන ..තව විදියකින් කිව්වොත් Secondhand smoke නිසා දරුවන්ට  වන අනතුරක් ගැන ....

මොකක්ද මේ Secondhand  smoke  කියන්නේ ? පුද්ගලයෙක් සිගරට් , හෝ දුම්වැටියක් භාවිත කිරීමෙන් පසුව ප්‍රාශ්වාසය කරන දුම් මිශ්‍රණය තමයි Secondhand  smoke  කියන්නේ. මේ දුම තවත් අයෙක් වෙත ආඝ්‍රහණය වීම , ආශ්වාසය හරහා පෙනහළුගත වීම නම් කරන්නේ Passive smoking හෙවත් අක්‍රිය දුම්පානය කියලා Secondhand smoking කියලත් කියනවා.

මේං ලෙඩ ලැයිස්තුව 
ඔබ දන්නවාද මේ දුම් බොන්නා පිට කරන “දුම් මිශ්‍රණය“ තුල රසායනික ද්‍රව්‍ය 4000කට වඩා ඇති බව ඉන් බොහොමයක් “පිළිකා ඇති කරන්නන් බවත් “ අද තහවුරු වෙලා අවසන් (ඒ ගැන දැන ගන්න මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න) . අවාසනාවන්ත තත්ත්වය මේකයි සල්ලි දීලා ඇත්තටම දුම බොන මිනිහා පිට කරන "Secondhand smoke “ නිසා අවට ඉන්න දුම් නොබොන අය පවා අනතුරේ වැටෙනවා.මේ විදියට අනුන්ගේ දුම් බීමට වීම නිසා දරුවන්ට , තම වැඩිහිටි වියේදි පෙනහළු පිළිකා ඇති වීමේ අවදානම සීඝ්‍රව වැඩි වෙලා තිබෙන බව අද පර්යේෂණ වලින් හදුනගෙන තිබෙනවා. ඒ වගේම මේ “අහිංසකයින්ට“ හදවත් රෝග ඇති කරන්නටත් secondhand smoke වලට පුළුවන්.බලන්නකෝ සල්ලි දීලා සිගරට් එක බිව්වම එයාටත් අනතුරක් , ඒ දුම පිට කරාම ඊට වඩා විශාල පිරිසක් අනතුරට හෙලනවා , දැන් ඔය උජාරුවට දුම් පයිප්පේ කටේ ගහගෙන ඉන්න මහත්තයල , තමන්ට ඕනම නම් දුම් බිව්වට කමක් නැහැ , හැබැයි ඒ දුම පිට කරන්න නම් එපා , එහෙම කළොත් අපේ දරු පරපුරම අනතුරේ , සමහර විට ඒ අතරේ ඔබේ දරුවත් ඉන්න පුළුවන් .

මේ අතුරු කතා වට එන්න ඉස්සර වෙලා ඔය දුම් බීමේ විපාක කිහිපයක් කෙටියෙන් කියන්නට හිතෙනවා , මොකද ඇත්ත කතාව දැන ගත්තම ඕන නවත්වන්න ලේසියි , ඒත් අද මාධ්‍ය යුද්දෙදි ඒ ඇත්ත කතාව වහනවානේ . මේකයි කතාව ..

එක සිගරට්ටුවක් බිවත් එය අනතුරක් එක් කර ගැනීමක් , මොකද අපේ සමහර මහත්තුරු කියනවානේ “අපි ඉතින් දවසටම එකයිනේ “ කියලා , ඔව් එකයි , ඒත් ඒ එකෙන් ඔබේ පෙනහළු ඇතුලට , ලේ වලට රසායනික ද්‍රව්‍ය 4000ක් එක් කරනවා , ඉන් බොහොමයක් ඔබට රෝග දායක කරන ඒවා .පිළිකා , ශ්වසන රෝග විතර නොවෙයි ඔබේ ප්‍රජනක හැකියාවත් දුර්වල කරන්නට මේ දුමට පුළුවන්.අනෙක ලැබෙන්න ඉන්න බබාටත් ලොකු අනතුරක් එයින් කරනවා , අපි දැන් ටිකක් විස්තරාත්මකව මේ ගැන කතා කරමු .

ඔබ දුම උරන හැම වාරයකම ඔබේ දේහයේ සෛල මිය යාමේ , විකෘති වීමේ අවස්ථාව වැඩි කරනවා , ඔතනදි සෛල විකෘති වීමේ ප්‍රතිපලයක් විදියට තමයි පිළිකා තත්ත්ව ඇති වෙන්නේ , දැන් ඉතින් මහත්තය කියාවි , අපේ මුත්තත් මෙච්චර බිව්ව  අපේ අප්පත් අච්චර බිව්ව ...කෝ හැදුනද පිළිකාව කියල ...වෙන්න පුළුවන් , පිළිකාවක් හැදෙන්නේ අපේ ජාන වල යම් වෙනසක් වෙලා , එදාට වැඩිය අද ඒ වෙනස්කම් ඇතිවීමට සාධක අවස්ථා වැඩියි , ඒ කියන්නේ අපි දැන් ඉන්නෙත් ලෝකාන්තේ පටන් ගන්න තැන අර ගල මුදුනේ , පොඩි හුළඟකින් උනත් වැටෙන්න ඉඩ තියෙනවා වගේ , ඉතින් ඒ වගේ අනතුරුදායක තත්ත්වයක ඉදිත්දි තවත් අනතුරක් එකතු (වැටෙන්නට තල්ලුවක් ) කරගන්න එක නුවණැති ක්‍රියාවක්ද කියල හිතන්න වෙනවා ,

ඔය දුම්දාන මහත්තරු කියන අළුත් කතාවක් තියෙනවනේ , “ අපි ඉතින් බොන්නේ .......  (රට සිගරට්) නේ ...ඒවායේ නරකක් නෑ “ , ඔය අපේ මහත්තරු රැවටිච්ච තවත් අවස්ථාවක් , සිගරට් එක “Light" ,"mild" වුනත් "Filtered" හෝ “non Filtered" වුනත් දුම එකමයි , අර හානිකාර රසායනිකයන් එකමයි , සමහර විට අර රසායනික අතරේ තිබෙන ඝණ සංඝටක එකක් (තාර වැනි දේ ඉතා සුළු වශයෙන් )  පෙරුණත් , තවත් 3999ක් පෙනහළු වලට යනවා ..මේ පිළිබඳ පර්යේෂණ කරන විස්කොන්සින් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මයිකල් ෆියෝරේ කියන විදියටම කිව්වොත් “You do not need to add anything to tobacco for it to kill you"



4000 X ???????????????????
අනෙක් කතාව තමයි “අපි දැං කාළයක් දුම් බීවනේ , දැන් ඉතිං අපේ කාළෙ ඉවරයි , ඔය ටිකත් බොනව “ කියන එක . වෙන්න පුළුවන් , මේ වන විටත් යම් අනතුරුදායක තත්ත්වයක ඉන්නවා වෙන්නත් පුළුවන්.ඒත් ඔබ අද ඔය නරක පුරුද්ද අතහැරියොත් වෙන්න තියෙන අනතුර ටිකක් හරි වලක්වා ගන්න පුළුවන් වේවි . මහාචාර්ය
ෆියෝරේ කළ පර්යේෂණ වලින් හදුනාගෙන තිබෙනවා ඔබට හැකිනම් එක් වසරක් මේ දුමෙන් ඉවත් වෙලා ඉන්න , එය ඔබට හෘදයාබාධයක් ඇති වීමේ අවදානමෙන් භාගයක් අඩු කරන බව ...“within a year your risk of having heart attack will  be cut 50% "

මෙන්න ඊළඟ trick එක ..“ඔය දුමට ඇබ්බැහි වුනාම ඕකෙන් ගැලවෙන්න බැහැ , එහෙම අයින් වෙන එක ඇඟටත් හොද නැහැ , අමාරුකම් එනවා“ කියන එක ...එය නම් කිසිසේත්ම පිළිගන්න බැහැ, බොහොම සරළ උපක්‍රම වලින් මේ දුම්බීම නවත්ව ගන්න පුළුවන් , තදින්ම ඇබ්බැහි වෙලා හිටිය නම් මුල් දින කිහිපයේ යම් වෙනසක් දැනෙන්න පුළුවන් , ඒත් එයින් කිසිම හානියක් වෙන්නේ නැහැ , දවස් කිහිපයකදි ඔබ “සාමාන්‍ය මිනිසෙක් වෙනවා“ , හැබැයි ඒකට ඔබේ හිත එකඟ කරගන්නට උත්සාහ කරන්න ඕනමයි. තමන්ටම ඒ වැඩේ කරගන්න අපහසුනම් මේ පිළිබඳවම විශේෂඥ දැනුමක් තියෙන “උපදේශන සේවාවක“ උදව්ව ලබා ගන්නත් පුළුවන්.සමහර විට ඔබට නිකොටින් අඩංගු Gum හෝ ටොෆි වගේ දේ භාවිත කරමින් ඔබේ “පුරුද්දෙන් “ මුදවා ගන්නට උත්සාහ දරාවි , බය වෙන්න  එපා “නිකොටින්“ නරක දෙයක් නොවෙයි නිවැරදිව භාවිත කරනවා නම් , සිගරට් එකේදිත් ලොකුම හානිය එන්නේ නිකොටින් වලින් නොවෙයි අනෙක් රසායනික 4000න් .

දැන් මේ ටික කියවනව නම් “දුමට යටවෙච්ච “ මහත්තුරු කියාවි “එයාට මොකද , සිගරට් එක බිව්වම මටනේ හානිය , ?“ කියලා ..දැන් ඉතින මොකද හිතන්නේ ?...ඔයාට විතරක් නොවෙයි ඔබේ අපට ඉන්න විශාල පිරිසකට , විශේෂයෙන් මේ මුකුත් නොදන්න අපේ පැටවුන්ට තමයි වැඩිම හානිය ...ඒ අපි කතා කල secondhand smoke නිසා .

ඔබේ දරුවාගේ ලෝකයට ගිනි තබන්නද හදන්නේ 
දැන් අපි ආයෙත්අපේ මුල් කතාවට යමු , ඒ කිව්වේ secondhand smoke නිසා අපේ දරුවන්ට විය හැකි අනතුරු සහ ඒවායේ දිග පළල ගැන කතාවට.. ඔබ දන්නවාද අද අපේ පාසල් වයසේ බොහොමයක් දරුවන් ඇදුම Asthma  & bronchitis සහ පෙනහළු රෝග වලින්  පෙළෙන්නට මූලික හේතුව ඒ දරුවාගේ පියා පිටකරන , එහෙම නැත්නම් ඒ විදියට පරිසරයේ එක්වී තිබෙන secondhand smoke බව .ඒ විතරක් නොවෙයි මේ අහිංසක පැටවු , එයාලගේ ජීවිතයේ හොඳම කාළෙ වෙනකොට පෙහනලු පිළිකා රෝගියෙක් වුනොත් , ඒ වරදේ පළමු හිමිකාරයා “දුම පිට කළ ඔබයි“ ..මේ තත්ත්වය මෙන්ම කුඩා දරුවන් කිසිම හේතුවක් නැතිව වගේ හදිසියේ මිය යාහැකි S.I.D.Syndrome ඇති වෙන්නටත් මේ දුමම හේතු වන බව අද සොයාගෙන අවසන් . දිගින් දිගටම තාත්තා පිට කරන විස දුම ආඝ්‍රාණය කරන දරුවාට , කල් පවත්නා කන් අමාරු , කණෙන් සැරව ගලන ..තත්ත්වයන් , ඒ විතරක් නොවෙයි ඒ ඔස්සේ මොළයේ උණ ඇති කරමින් ජීවිතය අවදානම් තත්ත්වයට හෙළන්නත් , සමහර විට දරු පැටියගේ මුළු ජීවිත කාළෙම යම් අබල දුබලතාවයක් ඇති කරමින් විඳවන්නටත් මේ secondhand smoke වලට  පුළුවන්.
තාත්තගේ දුමට ...මට inhaler 

දැන් තේරෙනවද “පොඩි ෆන් එකක් ගන්නට දල්වන සිගරට්ටුවෙන් අපේ පැටවුනට වන හානිය , ඉතින් ඔබත් “ආදරණිය තාත්ත කෙනෙක් නම් ,කවද හරි තාත්ත කෙනෙක් වෙන්න හිතනවා නම් , ඔබේ දරුවා වෙනුවෙන් , ඔබට තාත්තේ කියන්නට ඉන්න දරු පැටියා වෙනුවෙන් , මේ ලෝකේ ඉන්න සුන්දරම , අහිංසක වස්තුව වෙනුවෙන්  , පරිසරයට Environmental tobacco smoke (E.T.S) මුදා හරින පුරුද්ද අතහැරියොත් හොඳයිනේද ,

මෙන්න නියම ජෝඩුව ...ආදරේ පාවෙනවා ...
ඔබ පෙම්වතෙක් නම් , ඔබේ පෙම්වතියගේ ජීවිතේ , ඇගේ ඩිම්බ සෛල විකෘති කරන , ජිවිතේ විනාශ කරන secondhand smoke පිට නොකරන එක දිනෙක් ඇයට ලැබෙන දරුවටත් , ඇයටත් ආශීර්වාදයක් වේවි , අනෙක ඔබේ ප්‍රජනක හැකියාවත් යහපත්ව තියා ගන්න උදව් වේවි ...

ඔබ බිරිඳක් , මවක් , පෙම්වතියක් නම් මේ secondhand smoke පිට කිරීමට  විරුද්ධ වන්න , ආදරෙන් කියාදෙන්න ඔබේ හිතවතාට මෙහි අනතුර , ඔබට , ඔහුට සහ ඔබේ පැටියාට විය හැකි (ලැබෙන්න ඉන්න පැටියාට වුනත්) ...

දුමෙන් මිදෙන්නට කැමැත්තක් දක්වනවා නම් තවත් තොරතුරු http://www.smokefree.gov/ මගින් සොයාගන්නට පුළුවන් ... හොඳ වීඩියොවකුත් මෙන්න තියෙනවා 
සිතන්න .....


දැන් රෑ එකයි , අපේ ඒකකයේ ප්‍රධානම කටයුත්තේ ,  ඒකියන්නේ antibiotic infusions  ලබා දීමේ කටයුත්තේ තවත් අදියරක් දැන් කරන්නට තියෙනවා , එහෙම නම් අදට සමු ගන්නවා මෙයි ලොකු කතාවක් නොවුනත් කියැවූ ඔබට ස්තුතිය පුද කරනවා , මොකද දැන් නොහිතුවත් මේ ගැන පහු වෙලා හරි ටිකක් හිතන්න පෙළඹේවිනේ ....

17 comments:

  1. ඔබතුමාගේ මේ ලිපිය මීට අවුරුදු ගනනාවකට කලින් ලිව්වනම් මගේ පියාට පෙන්වන්න තිබ්බ. දැන් ඔහු ජීවතුන් අතර නෑ.. උගුරේ ඇතිවූ පිළිකාවකින් මිය ගියා. හේතුව අධික දුම් පානය..මෙකේ ප්‍රථිඵල මම හොදින් දන්නවා...
    ඉතා වටිනා ලිපියක් මතු පරම්පරාව රැකගන්න...

    ReplyDelete
  2. ඉතා වැදගත් ලිපියක්‌ මා අසා අති පරිදි දුම් පානය කරන්නාට වඩා 80% එහි විපාක විදින්නෙ ඔබ කියූ secondhand smoker.ඒ වගේම අද තාත්තලා වුනත් දැන ගන්න ඕන තමංගෙ පුතව හො දුවව සිගරට්‌ ගෙන්න ගන්න කඩේට නොයව ඉන්න. ඒක අද සිද්ද වෙන දෙයක්‌.
    ස්‌තූතී,,,,

    ReplyDelete
  3. මටත් තියෙන්නේ ගිම්හානිගේ අත්දැකීම . අපි සෑහෙන්න උත්සාහ කළා තාත්තගේ දුම් බිම නවත්වන්න . ADIC සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකාවක් වුනත් මට තාත්තගේ දුම් පානය නවත්වන්න බැරි වුනා . අපේ බ්ලොග් ලියන මල්ලිලා සමහර විට මේ දුම් බටය ප්‍රචාරණයට උදව් වෙනවා කියල මට හිතෙනවා සමහර පොස්ට් බැලුවම .මේක මම එයාලටමත් කියල තියෙනවා. ස්තුතියි මහේෂ් ඔබේ ලිපි එන්න එන්නම පරිනත වෙනවා ..

    ReplyDelete
  4. ගොඩක් වැදගත් ලිපියක්.
    අපේ බාප්පා කෙනෙකුත් ඔහොම සිගරට් බොනවා. ඒකා තමන්ගේ ගෙදර බොන්නේ නෑ. සිගරට් එක පත්තු කරන්නේ අපේ ගෙදර ඇවිත්. තමන්ගේ ළමයින්ට හොද නැති නිසාලු තමන්ගේ ගෙදරදි සිගරට් බොන්නේ නැත්තේ.

    පි ඉතින් ඒ වෙලාවට උන්දැව මග අරිනවා. මොකද ඔහොම සිගරට් දුං උරන්න පුලුව නෑ. මොකද මට වීස්z එක තියෙනවා. ඕවා හන්දා ඒකත් වැඩි වෙනවා.

    මහත්තයා අර ඉන්හේලර් ජාතිය මොකද්ද ? ඒකට කරල්ද දාන්න තියෙන්නේ ? මම් පාවිච්චි කරන්නේ සයික්ලෝහේලර් කියන ජාතිය.. ඒකට නම් දාන්නේ බෙක්ලේට් කියන කැප්සූල් එක !!!

    ReplyDelete
  5. හැබැයි දැන් නම් දුම්පානය සෑහෙන්ට අඩුවෙලා වගේ.ඉස්සර බස් වල ප්‍රසිද්ද ස්ථාන වල දුම් පානය කරන අය දකින්න පුලුවන්,දැන් ගොඩක් ඒ වගේ දේවල් අඩුවෙලා.අනික දවසක් මම් කෑම ගන්න ගිය කඩේක එයාල වෙනම කුටියක් වගේ තැනක් හදලා තිබ්බ දුම් බොන අයට වෙන කරල.:)

    ලිපියට බොහොම ස්තූතියි.

    ReplyDelete
  6. ඇත්තටම ..එදාට වඩා ..අද පරම්පරාව සිගරට් බීම , හුගක් අඩුයි. ඒත් තාමත් විශාල පිරිසක් මීට ඇබ්බැහි වී සිටිනවා. ඒ අයට මේ ලිපිය ලොකු පිටුවහලක් වේවි.

    ReplyDelete
  7. මෙන්න අත්පොලසන්... නියම පොයින්ට් එකක් දුන්නා... දැන් ඉතින් ඕනෙ එකෙක්ට කියන්න පුළුවන් මගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් ඔබේ දුම්බීම නවතන්න කියලා...

    මම කිසිදිනක දුම් නොබිව්වත් දුම්බොන සගයන් එයින් මුදවා ගන්නට මා දැඩි වෙහෙසක් නොගැනීම ගැන දැන් කණගාටු වෙමි. කුමක් නිසාද යත් ඔවුන් නිසා මමද දුම් බී ඇති බැවිණි...

    කාලීන ලිපියක්... මේක මීට වඩා ජනතාව අතරට යන්න ඕනේ... මම මේක බෙදාගත්තට කමක් නෑ නේද ?්‍

    ජය !!!

    ReplyDelete
  8. මා මුලින්ම දුම්පානය කිරීමේ අත්දැකීම ලැබුවේ වයස අවුරුදු 16 දී බව මතකය. ඒ මගේ මිතුරන් පිරිසක් සමග විනෝද ගමනක් ගිය අතරතුරදීය.තද කැස්සක් මිස මට නම් එදා ලැබුන සතුටක් නොමැත.මගේ පළමු අත්දැකීමෙන් පසුව දුම්පානය කිරීමේ අදහස අත්හැර දැමුවෙමි.මා දුම්පානය නොකලද මේ දෙය නම් කිව යුතුය මා ප්‍රිය කරන සුගන්ධයන් දෙකක් ඇත එකක් වන්නේ සදුන් සුවඳ වන අතර අනික නම් පදම් කල දුම්කොළ පිළිස්සෙන සුවඳය.

    ReplyDelete
  9. මම හිතන්නෙ වර්තමාන පරපුර තරමක් දුම්වැටි වලින් ඈත් වෙන ප්‍රවනතාවයක් තියනවා කියලා. විශේෂයෙන්ම දුම් වැටිය හරහා පෞරෂත්වය ඉහල දමා ගැනීමේ උත්සාහය දැන් තරුණ පරපුර පරපුර අතර නැහැ කියලා මට හිතෙන්නෙ..බොන අයත් හොරෙන් බොන්න තමයි හදන්නෙ.. මේ නිසා Passive Smoking කියන තත්වය තරුණ අය අතරනම් ඉස්සර තරම් බරපතල නැහැ.

    කොහොම වුනත් ඔබ කියන කතාව සම්පූර්ණ ඇත්ත. තවමත් මේ තත්වය සම්පූර්ණයෙන්ම මග හැරිලා නැහැ. මේක මම වැඩියෙන්ම දකින්නෙ මැදිවිය පහු කල අය අතර. ඒ වගේම සමාජයේ ඉහලම කියන තත්වයක් තියන අය හා පහලම තත්වයක් තියන නුගත් අය අතර තියන මම දකින සමානතාවයක් තමයි තැන නොතැන බලා කරන දුම්පානය.

    කුඩා දරුවන් හා ගැබිනි මව්වරු ඉන්න තැන්වල කිසියම් කෙනෙක් දුම් බොනවනම් ඒක ජාතියට කරන විශාලම අපරාධයක්.

    ReplyDelete
  10. -පිළිතුරු දෙන්නට ප්‍රමාද වූවාම සමාවෙන්න , උදේම කොළොම්පුරේට ගිය ගමන වැඩ ඉවර කරගෙන දැනුයි ගෙදර ආවේ ....

    -Gimhani,
    ඔබේ පියාට වූ සිදු විම ගැන නම් කණගාටුයි , මොකද පෙනහළු පිළිකාවේ ලක්ෂණ හොඳට දකින්නට ඒවාට සංවේදී වන්නට අපිට සෑහෙන අවස්ථා ලැබුණු නිසා. ස්තුතියි එක්වුවාට , විශේෂයෙන්ම පසුබිම් අත්දැකිමක් බෙදා ගනිමින්ම...

    -මුදී ,
    ඇත්තෙන්ම මුදී ඔබේ කරුණට මම ඉහළින්ම එකඟයි , ස්තුතියි ඔබේ අදහසටත් ..

    -Bindi ,
    ස්තුතියි බින්දි , සිංහල බ්ලොග් පරිශ්‍රය තුල වැඩි අතුදැකීම් ඇති ඔබෙන් ලද අදහස ගෞරවයෙන් භාරගන්නවා .ස්තුතියි , ඒත් ඔබේ පියාණන්ට වූ සිදුවීම ගැන නම් හිතේ නැගෙන්නේ කණගාටුවක්.

    -මධුරංග,
    අපොයි මල්ලියෝ මට නම් කියන්න තියෙන්නේ බාප්පාගෙන් ...නෑ...ඒ දුමෙන් පුළුවන් තරම් පරිස්සම් වෙන්න බලන්න , මොකද දැනටමත් Wheezing තිබෙනවා නම් එය ඉදිරියේදී තවත් දරුණු කරන්නට මෙයම හේතුවක් වෙන්න පුළුවන් ,
    ඒත් ඔබ භාවිත කරන inhaler එක වගේම එකක් , එත් එහි ඖෂධ එනනේ spray ක්‍රමයට...ස්තුතියි ...

    -නදී ,
    ඇත්ත ,ඒ වෙනස් වීම සතුටක් , ඒත් හැංගිලා බොන එකාගේ දුම නොහැංගෙන එකනේ ප්‍රශ්නේ ..ස්තුතියි නදී ,

    - නිල් අහස - ,
    ඔබ නිවැරදියි , අන්න ඒ වගේ අයට මේ ඇත්ත කතාව “පපුවට“ දෙන්න පුළුවන් නම් , එයයි අපේ දිනුම ..ස්තුතියි..

    -චතුරංග පෙරේරා ,
    ස්තුතියි චතුරංග , ඔන්න ඔය දැනුම බෙදා දීල , ඒ අයට මේ කරන වැඩේ ඇත්තම අනතුර කියා දෙන්නට පුළුවන් නම් යම් වෙනසක් කරන්නට පුළුවන් වේවි.
    කිසිම ගැටළුවක් නැහැ , මේ සටහන බෙදා දෙන්න , අවශ්‍ය නම් මෙහි PDF එක එවන්නම් ..ස්තුතියි.

    -Anonymous,
    ඔබටත් ස්තුතියි ඔබේ ඇත්තම කතාව අපිත් එක්ක බෙදා ගත්තාට...

    -Luckey ,
    වාසනාවට , නීතිය සහ සමාජමය පෙළඹීමත් නිසා අද , එදාට වඩා දුම්බීම අඩුයි , ඒ වගේම ඔබේ කරුණ නිවැරදියි අද තාමත් දුම දාගෙන යන්නේ පරණ මැෂින් ටික ..
    ස්තුතියි එක්වූවාටත් , සරු අදහසක් දුන්නාටත්

    ReplyDelete
  11. අයිය අහල තියනවද "දුම්කොල, මද්යසාර සහ අන්තරායකර ඖශධ පිලිඹද ජාතික ප්‍රතිපත්තිය" ?? ඕක දෙපාරක් ගේන්න හැදුව තිබුන රජයෙන් දෙපාරම යට ගැහුනා. මම අද මොන තත්වෙන් හිටියත් මට ලොකූ සතුටක් තියනව අද ඒප්‍රතිපත්තිය ක්‍රියාවෙ යෙදවීමට ඉතා විශාල දායකත්වයක් මගෙන් ලැබුන නිසා. අයියට සමහරවිට මතක ඇති 1998 - 99 කාලෙ පත්තර වල සහ ටීවී එකේ ගියා දැන්වීමක් (කලු සුදු) . . . . ඒකෙ පෙන්වන්නෙ කුඩා ළමුන් පිරිසක් වැඩිහිටියන්ව අනුකරනය කරන්න උත්සාහ කරන ආකාරයන්. එතනින් දීපු පනිවිඩය තමයි . . .
    "ඔවුන්ගේ ඉලක්කය ඔබේ දරුවායි"
    කියන එක . . . . ඒ ඇඩ් එකෙන් කරපු අනිත් දේ තමයි අවසානයේ පනිවිඩයක් දෙනව නරඹන්නන්ට . . . .
    "ඔබ සිතනවානම් දුම්කොල සහ මත්පැන් නිපදවන්නන් ඔබේ දරුවාව ඉලක්කකරගන්නවායයි ඔබ සිතන්නේ නම් . . . . ඔබගේ නම සහ ලිපිනය ලියූ තැපැල්පතක් අංක 508, කොළඹ යන ලිපිනයට එවන්න"
    ප්‍රතිඵලය . . . . . විශ්වාස කරන්නත් අමාරුයි . . . . . දවසකට පෝට් කාඩ් 25 000ත් 30 000ත් අතර ප්‍රමානයක් සෞඛ්්‍ය අද්්‍යයන කාර්යාංෂයට (HEB). ඒ පෝස්ට් කාඩ් වලින් ඉතා සුලු ප්‍රමානයක් තමයි ඇස්වාට්‍ටුව ඉස්සරහ (පරන ඇක්සිඩන්ට් වෝඩ් එක ලඟ) ප්‍රදර්ශනය කලේ . . . . .
    අනික එහෙම පෝස්ට් කාඩ් එවන අයට ඒ ඇඩ් වල තිබුන සංවේදී දර්ශන අඩංගු විශාල ප්‍රමානයේ පෝස්ටර් තැපැල් කලා . . . .
    මට ඉතාමත් සතු‍ටු වෙන්න පුලුවන් . . . . කෝදාගොඩ දොස්තර මහත්තයගෙ පලවෙනි වොලන්ටියර් සෙට් එකේ එකෙක් විදියට (මම NDDCB එකේ අවුට් රීච් එකට කෙලින්ම සම්බන්ද උනේ නෑ) මැල් මැදුරට සම්භන්ද එක්තරා ස්වේච්චා ආයතනයක් හරහා මේ කාර්යබාරයේ 50%කටවඩා බරක් තනියම ඇදපු එක . . . . . .

    මේක කියවන සමහරු හිතයි මම නයා පන්නනව කියල . . . . ඒත් මම 1998දි මගෙ උ.පෙ. විබාගෙ ඇනගත්තෙ ජෝන් ප්ලේයර් නැව ලංකාවට ඇතුල්වෙන එක නවත්තන්න ගිහිල්ල . . . . . ඒක කොළඹ වරායට ඇතුල් වෙන එක නවත්තගන්න පුලුවන් උනා . . . හැබැයි උන් ගාල්ල වරායට ආව . . . විශාල ජන විරෝදයක් මැද්දෙ.
    ඔය නැවේ පැමිනීම සහ කලින් කියපු ජාතික ප්‍රතිපත්තිය සම්බන්ද යම් යම් සිදුවීම් නිසා තමයි මම ADIC (විශේශයෙන්), ස්ලානා, එන්.ඩී.ඩී.සී.බී., වගේ ආයතනත් එක්ක කලකිරුනෙ . . . . මගේ ඉවත්වීමත් සමගම තමයි ඔය ආයතන වල වොලන්ටියර්ල අතර තිබුන සම්බන්දතාව බිඳවැ‍ටුනෙ . . . . ඊට පස්සෙ එක ජාලයක් වෙලා තිබුන ඒ පද්දතිය බිඳවැටිල ඒව තනි තනි කොටස් විදියට ක්‍රියාත්මක උනා . . . . . හැබැයි අදටත් ඒව ෆේල් . . . .
    @බින්දි:
    කොයි කාලෙද ඔයා ADIC එකේ හිටියෙ . . .

    ප.ලි.
    ආයතනවල නම් සඳහන්වීම වැරදියි කියල හිතනව නම් මේ කොමෙන්ට් එක දාන්න එපා . . . . . හැබැයි දානව නම් මේ කියපු නම් එකක් වත් වහන්නත් එපා.

    ප.ප.ලි.
    අර කියපු කෙමිකල් 4000 . . . . . කැනබිස් සැටයිවා වලත් තියෙනවද බුදු අයියෙ ???

    ReplyDelete
  12. ඕනයා ,
    ඔබ මෙතරම් වැදගත් කාර්යයක බර ඇදපු කෙනෙක් කියල දැනගත්තම හිතට සතුටක් දැනුන , ඒ මෙහි අනතුර දන්න තවත් කෙනෙක් අපේම වීම ගැන.
    ඔව් ඔය සිදුවීම අපිටත් හොඳට මතකයි , ඒ ඇතිවුනු සමාජ බලපෑම් යම් හේතුවක් වෙන්නට ඇති මේ අළුත් නීති රීති ගෙන එන්නට..
    මේ සිදුවීම වල සත්‍යතාව පිළිබඳව ඔබ දන්නා නිසාත් , ඔබගේ අරමුණ පිළිබඳ මට විශ්වාසයක් තිබෙන නිසාත් කිසිදු අකුරක්වත් අඩු නොකර පෝස්ට්කළා .
    දුම්කොළ වලින් පිටවන රසායනික 4000ම කැනබීස් මගින් පිටවේ යැයි තවම තහවුරු කරලා නැතත් , polycyclic aromatic hydrocarbons (PAH) කියන දරුණු පිළිකාකාරකය ඇතුළු රසායනික කිහිපයක් ගැන ප්‍රථීපල සොයාගෙන තිබෙනවා ඊට වඩා ලොකු අනතුරක් මොළයේ සෛල වලට කරන බව හදුනාගෙන තිබෙනවා , “ඕන ම දෙයක් ඕන වට වඩා ඕන නැත ඕන මලයෝ “

    ReplyDelete
  13. සර් ට මතකද චාරිකාව ගිය දවසේ කෙනෙක් ගැන හොයන්න කියුවා දැන් එයා සතුටින්.. ගැටලු ආවාම අපි ඒවා බෙදා ගන්නවා

    ReplyDelete
  14. නෑ නෑ . . . ඔය සෙට් වෙන වෙලාවකට මාසෙකට එකක් දෙකක් විතර . . . . (හික් හික්)

    ReplyDelete
  15. -nadeesha ,
    සතුටුයි දුව ,ඔව් එදා ඒ කාළයේ ඔබ කියන දරුවා හිටියේ ලොකු මානසික ගැටළුවක ,ඉතින් ඔබෙන් ඒක තමයි වෙන්න ඕන , තමන්ගේ යාළුවගේ දුක , කරදරයෙදි උදව්වක් කරන්නට හිත පෙළඹෙනවා නම් එයම පිනක් ,හිතේ නිරාමිස සතුටක් , ස්තුතියි දුව

    ReplyDelete
  16. oka nawaththaganna widihak aththema nadda?

    ReplyDelete
  17. දුම්බීම නවත්තන්න නම් පලමුවෙන්ම ගෙවල් වල ඉන්න දුම් නොබොන අය විරුද්ද වෙන්න ඕන,නමුත් නොවෙන්නෙත් ඒකමයි.සමහරු(හුගක් වෙලාවට බිරිද)හිතන්නේ සවසට විතරක් 1ක් බිවුවට කමක් නැහැ කියලයි.දවසම මහන්සි වෙන නිසා කමක් නැහැ කියල.
    මට නම් හිතාගන්න බැහැ දුම් බොන්න පුරුදු වෙච්ච පිරිමියෙක් එක්ක ගෑනු කොහොම ඉන්නවද කියලා.කටින් එන්නේ මහ ලැට් ගදක්.

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)