2012/01/22

78) හැව හරින..පොතු හලන... කස කසා සැරිසරන “මිනිස්සු..“

අළුත් සටහනක් එක් කරන්නට මග බලා සිටියත් , පහුගිය දින ටික වෙනදට වඩා කාර්ය බහුල වුනා නිසා , බ්ලොග් සටහන ලිවීම වගේ “භාවනාවක්“ කරන්නට තරම් විවේකයක් නොලැබුණ තරම් , ඊයේ ලියන්න හිටියත් , බිරින්දෑ උපන් දින කේක් එකක් හදන්න කළ යුද්දේ එක්ක , මාත් එක් වුනු නිසා ඊයෙත් මගේ මේ අරමුණ ඉටු කර ගන්න බැරි උනා ..කොහොම උනත් අපි අද තියෙන  මිතිලිගේ උපන් දිනයට ලස්සන චිත්‍රයක් වගේ කේක් එකක් හැදුවා.(ලංකාවෙදි නම් පැය දෙකක් වගේ ටික වෙලාවකින් ලස්සන උපන් දින කේක් එකක් හැදුවත් , මෙහේ හැම දෙයක්ම ටිකක් වෙනස් නිසා , වැඩේ ටිකක් පමා වුනා, අනෙක ඉතින් birthday එක එක්කෙන්ගේ උනාට දෙන්නටම කේක් හදන්නත් එපායැ ) ...කයිවාරුව ඇති නේද ?....ඔන්න ඔය වැඩේ කරන අතරේ අපේ පවුලේ ළඟම මිතුරියක්ගෙන් ඇමතුමක් ලැබුණා ...“මනෝජ , මේ ඔයා සොරයිසිස් ගැන මොකද කියන්නේ ? ...ඒක හොඳ කරන්න පුළුවන්ද අනේ ...මගේ යාළුවෙක්ට තියෙනවා .එයා හරියම බයෙන් ඉන්නේ , ..“


දන්නවනේ අපිට මේ වගේ කතාවක් ඇහුනව , දැක්කම ඒකම ඇති ඊළඟ post එකට ...ඒත් මේ කතාව ඇහුනම හිතට පොඩි දුකක් ඇති වුනා , ඒ කිසිවක් නිසා නොවෙයි , මේ ලියූ post  අතරේ  චර්ම රෝග ගැන එකම එක ලිපියක්වත් නෑ ...ඔව් එහෙමනම් අද ඒ අඩුව පුරවන්නත් එක්ක , අද කතා කරමු .

එහෙමනම් කතාව අරබමු ..අද මගේ කතාවේ මාතෘකාව පොතු කබර ...Psoriasis ...දැන් ඕක කියවන්න ගිහින් දිව උළුක්කු කර ගන්න එපා ..නිකම්ම “සොරයිසිස් “ කියල කියන්න පුළුවන් ..

මේ ගැන කියත්දිත් අපිට ටික වෙලාවකට ජීව විද්‍යාව පන්තියක් කරන්නට වෙනවා ..අපේ “සම“ ගැන , ....අපේ සම හැදිල තියෙන්නේ සෛල තට්ටු ගණනාවකින් , ඒ තට්ටු ටිකේ පහළින්ම , අඩිතාලම වගේ ඉන්නේ අර සෛල තට්ටු වල “අම්මලා, “  , එයාලාගේ වැඩේ තමයි අළුත් “සෛල පැටවු“ හදල දෙන එක ..“අළුත් සෛල පැටවු ...! ඒ මොකටද ...?   මෙහෙමයි , අපේ හමේ එළියෙන්ම තියෙන්නේ මිය ගිය සෛල තට්ටු කිහිපයක් , ඊළඟට ඉන්නේ වයසට ගිය සෛල තට්ටු , ඊට යටින් ඊට වඩා තරුණ ශක්තිමත් සෛල තට්ටුක් ..ඔය වගේ තට්ටු ගණනාවක් තියෙනවා ...ඔය එළියෙන්ම ඉන්න මිය ගිය සෛල තට්ටු ගැළවෙනවා , ඉබේම හැළෙනවා ..එහෙම හැලෙන කොට ඊට යටින් ඉන්න සෛල තට්ටුව එතැනට ඇවිත් අර අඩුව පුරවනවා ...නිරෝගී පුද්ගලයෙක්ගේ ඔන්න ඔය වගේ හැළීමේ , පිරවීමේ ,  මේ අළුතින් සෛල නිපදවීමේ ක්‍රියාවලිය පිළිවෙලට , රිද්මයකට තමයි සිද්ධ වෙන්නේ , එතාකොට තමයි අපේ සම නිරෝගීයි කියල අපි කියන්නේ . (ඒ වුනාට අපිත් අපේ හැව හලනව කාටත් හොරෙන් නේද ...)

මෙන්න බලන්න fit එකේ සොරයිසිස් 
මේ සොරයිසිස් තත්ත්වයේදි සිදුවන්නේ මේ රිද්මයානුකූල ක්‍රියාවලිය බිඳ වැටිලා , සෛල තට්ටුවල , ප්‍රදාහයක් Inflammation ඇති කරමින් අසාමාන්‍ය සෛල තට්ටු ගණනාවක් හදන එක . ඒ සෛල ස්ථර වල එකිනෙකට ඇලුනු මියගිය සෛල ස්ථර ගණනාවක් තියෙනවා , මෙන්න මේව තමයි පොතු කබර වල “පොතු“ වගේ පේන්නේ ..දැක්කම ටිකක් අප්‍රසන්න , ඒ වගේම වේදනාකාරී , විශේෂයෙන්ම කායිකව විතරක් නොවෙයි , මානසිකව පවා දැඩි පීඩනයකට , විඳවීමක් ඇති කරන තත්ත්වයක් මේ . අනෙක මේ තත්ත්වය සියයට සියයක් සම්පුර්ණයෙන්ම “සුව කරන්න“ පුළුවන් තත්ත්වයක් නොවෙයි , හැබැයි යම් තරමකින් පාළනය කරමින් රෝග තත්ත්වය මතුවෙන වාර ගණන පාළනය කරන්න නම් අද ඖෂධ වලට පුළුවන් . , අද ඖෂධ වලට කියල කිව්වේ මේ රෝග තත්ත්වය ගැන තවමත් පර්යේෂණ සිදු වෙමින් පවතිනවා , එහි ප්‍රතිඵලයක් විදියට අනාගතයේදි මේ තත්ත්වය සුව කිරීමට යම් ඖෂධයක් සොයාගන්න පුළුවන් , නමුත් තවමනම් බටහිර වෛද්‍ය විද්‍යානුකූලව නම් නිට්ටාවට සුව කිරීමට ක්‍රමයක් නැහැ .

ඇත්තටම මොකක්ද මේකට හේතුව ? .. මේකට හරියටම හේතුව මේකයි කියන්න තවමත් කවුරුවත් දන්නේ නැහැ , හැබැයි සමේ inflammation එකක් බවනම් හඳුනාගෙන තියෙනවා ,විශේෂයෙන්ම ඇපේ ඇඟ ඇතුළෙ තියෙන ප්‍රතිශක්ති කරන පද්ධතියට “යම් හේතුවක් නිසා වැරදි සංඥා ලැබීම මගින්“ මේ Inflammation එක (ප්‍රදාහය) ඇති කරන බව අද සොයාගෙන තයෙනවා ,  හේතු සාධක යැයි සලකන කරුණූ අතරේ ජානමය බැඳීම් , ඒ කිව්වේ ආරයෙන් ආ හැකි රෝගයක් බව පර්යේෂකයන් පවසනවා , ඒ වගේම වැදගත් දෙයක් කියන්න ඕන , අපි හුඟ දෙනෙක් හිතා නෙ ඉන්නවා Psoriasis “ගෑවුනොත් බෝ උනා“ කියල ..බය වෙන්න එපා , එහෙම ගෑවිලා බෝවන තත්ත්වයක් නෙවි මේක , ඒ නිසා ඔබේ පවුලේ , රැකියා ස්ථානයේ , සමාජයේ මෙවන් රෝගී පුද්ගලයෙක් හිටියොත් ඔහුව ඇයව මානසිකව වට්ටන තරමට කොන් කරන්න යන්න එපා , ගෑවුනා කියල ඔබ අපිරිසිදු වන්නේ නැහැ , එහෙම නම් ඔබ office යන්න , බස් එකෙන් බහිනකොට කීදෙනෙක්ගේ “හැව“ ඔය ඇඟේ අළවගෙනද එන්නේ ..නේද ?

හේතු සාධකය මේකමයි කියල හරියටම නොකිව්වත් සමේ ඇතිවන වෙනත් ආසාදන , තුවාල , තද හිරු එළිය ,කළගුණයේ වෙනස්වීම් , සමහර ඖෂධ වර්ග ( විශේෂයෙන්ම අවපීඩනයට දෙන Lithium කියන නම තියෙන ඖෂධ , මැලේරියාවට , ඒ වගේම වේදනාව පාළනයට දෙන සමහර ඖෂධ) නිසාත් මේ තත්ත්වය මතුවෙන්න , නැත්නම් වැඩිවෙන්න ඉඩ තියෙන බව හඳුනාගෙන තිබෙනවා . ඒ වගේම මානසික ආතතිය Psychological stress , දුම්පානය සහ මත්පැන් කියන තුන් දෙනා මෙය උග්‍ර කරවන සාධක කිහිපයක් , (කොහොමත් මේ තුන් දෙනා  එකටම යන අවස්ථා වැඩියි නේද ?)  ,
තවත් සමහර දේහයේ සිදුවන හොමෝන වෙනස් වීම් , ආර්තවය ,ගර්භනීත්වය , වගේ සාධක වලදිත් මේ රෝග තත්ත්වය මතුවෙන්න සහ උග්‍රෙවන්න පුළුවන් .

නිය පොතු වලත් 
සාමාන්‍යෙයන් තරුණ සහ වියපත් වීමත් එක්ක මතුවන මේ රෝග තත්ත්වය අත් පා , අත්ල යටිපතුල සහ සන්ධි ආශ්‍රිතවත් ඒ වගේම හිසෙත් ඇතිවෙන අවස්ථා වැඩියි ..ඒ වගේම පියයුරු යට , ලිංගික අවයව අවටත් ඇතිවෙන්න පුළුවන් . ලෙඩේ හැදුනම ඒ ප්‍රෙද්ශයේ  සම ඝණ වෙලා ,රතු වෙලා , පොතු ගැලවෙන , නැත්නම් “කුඩු හැලෙන“ ස්වභාවක් ඇතිවෙනවා , කසනවා , ලේ එන්නම කසනවා .., බොහොම වෙලාවට මේ රෝගය ඇගේ සමමිතිකව හැදෙන තත්ත්වයක් ඒ කිව්වේ ඇඟේ දෙපැත්තෙම , එකම ප්‍රෙද්ශවල ඇති වන තත්ත්වයක් ..මේ විදියට හැදෙන පොතු , හැලෙන පොතු කාළෙකදි නැතිවෙලා , හොඳ වුනා වගේම තියෙන්නත් පුළුවන් , ඒත් ටික කලක් ගියාට පස්සේ ආයෙත් මතුවෙනවා , ඒකට හේතුව මේ රෝග තත්ත්වයත් එක්ක අපේ ලේ වල තියෙන T සුදු රුධිරාණූ සහ Memory cells  කියන සුදු රුධිරානු විශේෂය  බැඳී පැවතීම ..ඒ නිසා මේක හොඳ කරන්න අමාරු , (බැරි) , වරින් වර මතුවෙන Chronic condition එකක් විදියටයි හදුන්වන්නේ.

මේ තතත්වය ඔබට ඇත්නම් හොඳම දේ ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවී උපදෙස් ගන්න එක , මොකද මේ තත්වය පහසුවෙන්ම හඳුනගන්න ඔහුට පුළුවන් , ලොකු පරීක්ෂණ අවශ්‍යම නැති තරම් , ඒත් සමහර විට සමේ පටක කොටසක් සූරල අරගෙන Biopsy කරන්නත් පුළුවන් , හරියටම වර්ගීකරණය කරන්නට නම් , ප්‍රතිකාර විදියට සමේ ආලේප කරන්නට Steroid වර්ගයේ ක්‍රීම් එක්කම , Moisturizing ක්‍රීම් වර්ග ලබා දෙන්නත් පුළුවන් , විශේෂයෙන්ම දැන් ඔබ සබන් භාවිතයෙදි හුඟක් ප්‍රෙව්සම් වෙන්න ඕන , මෘදු සබන් පමණයි භාවිත කරනවා නම් කළ යුත්තේ , නැත්නම් වෛද්‍ය උපදෙස් මත ලබා දෙන් තෙල්මය සබන් විශේෂයක් , ඒ වගේම Phototherapy නම් ප්‍රතිකාර ක්‍රමයත් අද සාර්ථකව ක්‍රියාත්මකයි , ඒත් එහි යම් දිගු කාළීන අතුරුපල පවතින බව අද ප්‍රකාශවෙනවා.ඒ වගේම පිළිකානාශක ප්‍රතිකාරයේදි භාවිත කරන ඖෂධත් මෙහිදි යොදා ගන්නට ඉඩ තිබෙනවා , එදාට බය වෙන්න එපා “මේක පිළිකාවක් කියලා“ ..
වැඩියෙන්ම හැදෙන තැන්

හොඳට මතක තියා ගන්න මේ තත්ත්වයේදි ඔබේ ආහාරය ගැන හුඟක් සැළකිළිමත් වෙන්න වෙනවා , වෙනදාට අසාත්මික වන පළු නගන(කෑවම ඇඟේ වෙනසක් ලෙඩක් ඇති කරන)  ආහාර වලින් වළකින එකත් , පාන වලදි , ජලය , පළතුරු යුෂ (ස්වභාවික) වැනි දෑ ප්‍රමාණවත්ව ගැනීමත් , ඒ එක්කම ප්‍රෝටීන , සහිත සාමානය ආහාර වෙලක් ලබා ගැනීමත් හරිම වැදගත් ..

ටිකක් සෙවිල්ලෙන් සහ අවබෝධයෙන් ඉන්න , සොරයිසස් තත්තවයෙන් පෙළෙන කෙනෙකුට තව ටික කළකදි හන්දි ආශ්‍රිතව වේදනාකාරී තත්ත්වයන්ට , සන්ධී ප්‍රදාහ , Psoriatic Arthritis වලට මුහුණ දෙන්නට ඉඩ තියෙනවා , මෙහෙම කිව්වේ බය කරන්න නොවෙයි , වෙන්න කළින් එය පාළනයට අවශ්‍ය උපදෙස් , ප්‍රතිකාර පිළිබඳ ඔබේ අවධානනය යොමු කරවන්න විතරයි .

එහෙම නම් අදට මගේ කතාව මෙතනින් අවසන් කරන්නම් , ගෙරද family party එකක් තියෙනවා තව ටික මොහොතකින් , මොකද දන්නවද , මගේ පුංචි කෙළි පැටික්කි , “චූටි මිතිලි“  එයාගේ “හත් වැනි ජීවන සැතපුමට“  ළඟා වුනා අද , ඉතින් හිතේ සතුටට , සැර බීම නැති , රස කෑම ඇති පුංචි සාදයක් ...ලංකාවේ හිටියනම් මේ වෙලාවට අද අපි “බටගන්විල බෝධිය ගාව “ නිසංසලේ සුව විඳිනව ,

එහෙම නම් අදට සමුගන්නම් ,


මෙන්න මෙතන ක්ලික් කළොත් ඔබට පුළුවන් මේ ගැන විස්තරාත්මක වීඩියෝවක් බලන්න ...

මෙන්න අපේ පුංචි සාදයේ අවස්ථා ...

---
මේ ලිපියට අදාල නොවන කරුණක් ...මෙතෙක් මේ බ්ලොග් පිටුවේ තිබුණු ,  Blog list එක ඉවත් කළා ..ඒ වෙනුවට වැඩි බ්ලොග් ගණනක් ගැන සොයාගන්න පුළුවන් වෙන විදියට “බ්ලොග් මල්ල‘‘ පිටුව එක් කළා .

21 comments:

  1. ඇත්තටම කියන්නත් පුදුමයි ඊයෙ මෙවැනි රෝගීන් දෙදෙනෙක් මට මුන ගැහුනා.
    මමත් ඉතින් මේ රෝග ගැන ටිකක් උනන්දු කෙනෙක් නිසා මේ ගැන ඔවුන්ගෙන් විමසුවා.
    එයාලත් ඒකට හේතුවක් කියන්න දන්නේ නැ. ඔබගෙ මේ ලිපිය මම ඔවුන්ට යොමු කරන්නම්. බොහොම වටින ලිපියක්. ස්තූතියි.

    දියනියට ගිම්හානි නැන්දා සුභ පැතූ බව කියන්න..

    ReplyDelete
  2. චූටි දියණියට අපෙනුත් උපන්දින සුභ පැතුම්..!වාසනාවන්ත අනාගතයක්.

    ලිපියෙන් ගොඩක් විස්තර දැන ගත්තා. ස්තුතියි..

    ReplyDelete
  3. -Gimhani ,
    ස්තුතියි ගිම්හානි ...දැනුම බෙදා දෙන්න එයම සතුටක් ...
    ඔව් , මිතිලි මගේ facebook එකෙන් comment කළා දැක්කා ..

    -රූ ,
    ස්තුතියි ඔබටත්

    ReplyDelete
  4. doxycycline මේ සදහා ප්‍රතිකාර විදියට ලබා දෙනවද..?

    ReplyDelete
  5. දියනියට මගේ සුභ පැතුම්...!

    ReplyDelete
  6. මේ පොටෝ බලන්නත් මට බෑ.පාරේ මෙහෙම කෙනෙක් හමු උනාමත් මට දවසම එක අමතක කරන්න අමාරුයි.එයාල විදින වේදනාව මට හිතාගන්න පුළුවන්.අනේ මේක ස්තීරෙටම හොඳ කරන්න බැරිද.

    ReplyDelete
  7. ස්තූතියි... ඔබේ ලිපි බොහොමයක් කියෙව්වා. මළ මුහුදේ මඩ සහිත ආලේපනත් මෙයට කදිමයි.

    ReplyDelete
  8. හ්ම්... කාලෙකින් බණක් ඇහුවෙ....

    ReplyDelete
  9. -Anonymous,
    ඔබ නම් කළේ ප්‍රබල ප්‍රතිජෛවක Antibiotic වර්ගයක් , මේ තත්ත්වය්දී දිගින් දිගටම තුවාල මතුවෙනවා නම් , ඒවා සුව වීමට කල්ගත වෙනවා නම් යම් antibiotic වර්ගයක් ලබා දීමට වෛද්‍යවරයා තීරණය කරාවි , නමුත් එය මේ ඖෂධයමයි කියන්නට බැහැ , තත්ත්වය , වයස , සහ වෛද්‍ය අත්දැකීම් මතත් ඖෂධ වර්ගය වෙනස් වන්නට පුළුවන් ...
    ස්තුතියි

    -එදිරි,
    ස්තුතියි ඔබට ...

    -පුංචි කුමාරිහාමි,
    ඇත්තතටම මේ යෙදුවේ යම් තරමකට හෝ දකින්න පුළුවන් අවස්ථා පමණයි , ඒ කියන්නේ මීට වඩා දරුණු අවස්ථාත් තියෙනවා ..ඔව් මේ තත්ත්වය කායිකව මෙන්ම මානසිකවත් දැඩි වේදනාවකට පත් වෙන තත්ත්වයක් , දැනට තියෙන සොයාගැනීම් සහ ඖෂධ තත්ත්ව මත , තවමත් සම්පුර්ණයෙන් සුව කළ නොහැකි , නමුත් පාළනය කළ හැකි තත්ත්වයක් පමණයි ..
    ස්තුතියි ඔබට ..

    -AnithKona ,
    ඔබටත් බොහොම ස්තුතියි සරු කරුණක් එක් කළාට .

    -Tanikada ,
    ඔබට බොහොම පිං ...

    ReplyDelete
  10. ලිපියෙන් ගොඩක් විස්තර දැන ගත්තා. ස්තුතියි..

    ReplyDelete
  11. -Anonymous,
    ඔබට බොහොම ස්තුතියි ...

    ReplyDelete
  12. හැහ් හැහ් . . එහෙනං අපේ වෙද මහත්තුරු ඔය එකසිය ගානට පත්තරවල ඇඩ් දාන්නෙ . . . . නිට්ටාවට සුව කරනව කියල ????

    ප.ලි.
    දුවට සුභ උපන්දිනයක් පැතුව කියන්න

    ReplyDelete
  13. -ඕනයා ,
    ස්තුතියි මල්ලී ...පත්තර වලින් Ad වලින් මැරිච්ච මිනිස්සුටත් පණ ෙදන රටක් ෙනාවැ...

    ReplyDelete
  14. අම්මෝ ගොඩාක් වැදගත් ලිපියක්., අපේ පුංචි කෙනෙක් ඉන්නවා කකුලේ දද එනවා එයාගේ.. එයාගේ අම්මා ව මම දැනුවත් කරන්නම් ස්තුති

    ReplyDelete
  15. -වර්ණා,
    ස්තුතියි , හැබැයි “දද“ කියල හඳුන්වන වෙන තත්ත්වයක් eczema තියෙනවා..ඒ ගැනත් ඉදිරියේදි දැනුවත් කරන්නම් ..

    ReplyDelete
  16. මහේෂ් නිශාන්ත ව්‍ද්‍යතුමනි ඔබතුමාට ගොඩාක් ස්තුතියි . ඔබගේ මිල කල නොහැකි වැදගත් ලිපි වලට .දුවගේ උපන් දිනේට මගෙන් හා මගේ බිරිද හා දුගෙන් සුබපැතුම් සුබ උපන් දිනයක් වේවා .

    ReplyDelete
  17. ඉතාම හොඳ ලිපියක්

    ReplyDelete
  18. ලිපිය ගොඩක් වටිනවා.

    ReplyDelete
  19. ඔබගේ ලිපිය ගොඩක් වැදගත්. නමුත් මේ ටිකත් කියන්න ඔන. ලෝකයේ තියෙන හොඳම වෛද්‍ය ක්‍රමය බටහිර වෛද්‍ය ක්‍රමය නොවේ.එහි ඇති හොඳම අවස්ථාව හදිසියකදී රෝගියෙක් මරණයෙන් බෙර ගැනීමයි, ශල්‍යකර්මයි. බොහෝ ලෙඩ රෝග පාලනය කිරීම තමයි කරන්නේ.ඔවුන්ගේ මුලික පරමාර්ථය බෙහෙත් සහ උපකරණ විකිණීමෙන් මුදල් ඉපයීමයි.මේක මාෆියාවක්.ලෝකයේ වැඩිපුරම ලැබ ලබන වෙලදාම් වලින් බෙහෙත් වෙළදාම දෙවැනි වන්නේ ආයුද වෙළදාම්ට පමණි.නමුත් ආයුර්වේද , හෝමියෝපති, චීන කටු ප්‍රතිකාර වලින් මෙම රෝගය නිට්ටාවටම සුව කල හැකිය.itn වෙදගෙදර වැඩසටහන බලන්න සාම සෙනසුරාදාවකම උදේ 9.30 ට ප්‍රචාරය වේ.පසුගිය වැඩසටහන් බැලීමට www.itn.lk/wedagedara ම දන්නා වේද මහත්තයෙක් නම් ජාඇල උදම්මිට ගුනවරදන වේද මහතා, ඉංගිරියේ කරුණාවතී වික්‍රමාරච්චි වේද හාමිනේ නිට්ටාවටම සුව කරනවා.itn teliphone ඔපෙරටෝර්සලා ගාව වෙදගෙදර වේද මහතුන්ගේ දුරකථන අංක තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට , ඇත්තෙන්ම මම ඔබ කී දෙයට එකඟයි , ලොව පුරා විවිධ ප්‍රතිකාර ක්‍රම පවතිනවා , මා කිසිම විටෙක බටහිර වෛද්‍ය විද්‍යාව  හොඳම වෛද්‍ය විද්‍යාවක් ලෙස හඳුන්වා දෙන්නෙ නැහැ , නමුත් අනෙක් වෛද්‍ය විද්‍යාවන් තුල සිදු කෙරෙන පිළිගත් මට්ටමේ පර්යේෂණ නොමැති කම නිසාවෙන් ලොවෙන් ඒ ක්‍රම සැඟව තිබෙන්නට පුළුවන්.
      ඔබෙ සටහන ඔස්සේ අවශ්‍ය අයෙක්ට ඒ වෙද මහතුන් පිළීබඳ සොයා බලන්නට පුළුවන් වේවි , ස්තුතියි ඔබට නැවතත්

      Delete
  20. ඕක සාමාන්‍ය ලෙඩක්.නිට්ටාවටම සුව කරන්න පුුලුවනි.

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)