2012/02/11

ඇය නමින් මධුෂාණී ....


රුදුරු පිළිකාවේ ගොදුරක් වු ....
ඇය නමින් “මධුෂාණී
පිළිකාව පරදා “මිනිස්කමේ මහිමයෙන්...
ඇයට නැවතත් ජීවිතය දකින්නට
                                                                                                                                            
ඔබේ උපකාරය අවශ්‍යම මොහොතයි මේ .

ඈ නමින් “ලක්ෂිකා තිළිණි මධුෂානී“  වන්නීය , ගාල්ල සංඝමිත්තා බාළිකා විද්‍යාලයෙන් 2009 වසරේදි අ.පො.ස.උසස් පෙළට ඉදිරිපත්ව ,  උසස් පෙළ යහමින් සමත් වූවත් සරසවි වරම් නොළද ඈ , රෝගී සත්කාරය වෙත තිබූ උනන්දුව නිසාවෙන් හෙද සේවය වෙත සිත යොමු කළාය , එම විෂය පුහුණුව සඳහා ඇය තෝරා ගත්තේ  “ජාතික වෘත්තීය සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ හෙද පුහුණු පාසලයි“  , ඒ ගාල්ල සමුපකාර හෙද පුහුණු පාසලයි.

ආර්ථික දුෂ්කරතා කොතෙක් වෙතත් දිරියෙන් සහ රෝගීන් වෙත දයාබරිත හදවතකින් යුතුව ,තමන් වෙත නොමිලේ ලැබෙන මේ ජාතික මට්ටමේ හෙද  පුහුණුව සාර්ථකව සහ උද්යෝගයෙන් හදාරමින් සිටින්නීය , විටෙක පන්තියේ දක්ෂතම සිසුවියක් ලෙස කණ්ඩායම් නායකත්වත් , විටෙක දක්ෂ ගායිකාවක් ලෙස ඇඟේ සොඳුරු හඬ හැකියාවත් ,  තවත් අවස්ථාවෙක දක්ෂ කථිකාවක් ලෙස ඇගේ වාග් සරඹයත් දැක්වූ ඇය අද ......... පිළිකා රෝගියකු ලෙස අසරණව  සිටිනා බව ඔබ දන්නවාද ? ...

ඔව්, ඇය අද තයිරෝයිඩ් ග්‍රන්ථියේ ඇති වන “පැපිලෝමා වර්ගයේ “ පිළිකාවකට ගොදුරුව , ශල්‍යකර්මයකට ලක්ව ඉදිරි ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් සිටිනවා . ඉදිරි ප්‍රතිකාරය ලෙස ඇත්තේ විකිරණශීලී අයඩින් ප්‍රතිකාරයයි , එය ලබා ගැනීමට රජයේ ආයතන වල (කරාපිටිය රෝහල සහ මහරගම පිළිකා රෝහල) අවම වශයෙන් වසරක පොරොත්තු ලේඛණයක (waiting list)  රැඳි සිටිය යුතුව ඇති අතර ඒ “දිගු කාළ සීමාව“  තුලදී පිළිකාවේ ඉතිරි කොටස්  පැතිරී , ජීවිතය පිළිබඳ ඇති අපේක්ෂා බිඳ දමන්නට  ඇත්තේ වැඩි අවස්ථාවකි ,

එහෙයින් ඇයට මෙම අයඩින් ප්‍රතිකාරය පෞද්ගලික රෝහලකින් හෝ ලබා දී “දියණිය“ රැක ගන්නට ඇයගේ දෙමාපියන් උත්සාහ දරමින් සිටියත් ඒ සඳහා යන වියදම රුපියල් 220,000.00 බැවින්  , ඒසා විශාල මුදලක් සොයා ගැනීමේ  හැකියාවක් නොමැති මේ දරුවාත් දෙමාපියනුත් අද අසරණව සිටි.  
..
ගාල්ල , අක්මීමණ  දුෂ්කර පෙදෙසක ජීවත් වන “මධුෂාණී දියණිගේ ජීවිතය“ රැක ගැනීමට නම් මෙම ප්‍රතිකාරය හැකි ඉක්මණින් ලබා දිය යුතු අතර , නිසි අවස්ථාවේ  එම ප්‍රතිකාරය ලද හොත් මේ රෝග තත්ත්වයෙන් සම්පුර්ණ සුවයක් ලබා ගැනීමේ හැකියාව ඇත. එනම් ඇයට නැවත ජීවය ලැබෙනු ඇත.....

මේ සඳහා මාර්තු මස පළමුවනදාට පෙර මෙම මුදල රෝහල වෙත ගෙවිය යුතුව ඇත.

ඉතින් ඇයට නැවත ජීවිතය විඳින්නට ඔබේ කාරුණික උපකාරය ලබා දෙනවා නේද ? 

  
තම රෝග තත්ත්වයත් , පත්ව සිටින දුෂ්කර තත්ත්වයත් පිළිබඳ “මධුෂානි දියණිය“ විසින් සටහන් කළ ලිපියක පරිවර්තනය ...

No 184/2,
Kajugahawatta,
Ganegoda,
Akmeemana.
                                                                                   
Dear Sir,Madam,
                       
Re:  The urgent need of T131 treatment
            I,  P.K. Lakshika Thilini  am a student of 2011 batch at the NTS. Due to a papillary carcinoma my Thyroid gland has been removed. But the doctors have found that this cancerous situation has spread to lymphatic glands too and they recommend an urgent Iodine-131 Treatment.
            At present I learnt that there is a long waiting list for this treatment at the Karapitiya and  Maharagama  cancer hospitals. Also I have been recommended a dosage of 200mg but doctors say that normally at the hospital half of this dosage is prescribed which is not enough for my condition. So I have to get this treatment at a private hospital .According to the doctors the estimated cost is Rs/= 220000 which I can’t afford because of the poor economical background of my family.
I have been instructed to get admitted to the above hospital for this treatment on the 24th of March and make the due payments on or before 1st of March.
 So, dear Sir,madam, I would be very much grateful to you if you could help me in this situation.
Thank you,
Yours obediently,
Sgnd . Lakshika  Thilini



ඇය ගැන තොරතුරු ,
·         නම : පතිරණ කංකානම්ගේ ලක්ෂිකා තිළිණි මධුෂාණී

ඔබේ පරිත්‍යාගය යොමු කළ හැකි ආකාරයන් ..

·         බැංකු ගිණුම : ජාතික ඉතිරි කිරීමේ බැංකුව , කරාපිටිය ශාඛාව
o  ගිණූම් අංකය : 1-0121-80-0775-6

·         වෙස්ටර් යූනියන් මුදල් හුවමාරුව මඟින් නම් ,(විදේශගත ඔබට) 
o   Receiver Name : P.K.L.THILINI MADUSHANI
o   Expected payout location : Karapitiya , Galle, Sri Lanka
o   Province : Southern
මෙමගින් මුදල් යවන්නේ නම් ඔබේ පරිත්‍යාගය පිළිබඳවත් ඔබේ තොරතුරුත් , එම මුදල් හුවමාරු අංකය   (MTCN )  සහ වෙනත් විශේෂිත කරුණු වේ නම් පහත email ලිපිනය ඔස්සේ මේ දියණියගේ පුහුණු පාසල වෙත යොමු කරන්න , එහි සම්බන්ධිකරණ නිලධාරි  සුජීව ආරියනන්ද මහතා (දුරකථන අංක +94778166929) ඊට අදාල සම්බන්ධීකරණ කටයුතු කරනු ඇත.

·         ඔබේ පරිත්‍යාගය පිළිබඳ සහ වෙස්ටර්න් යුනියන් මුදල් හුවමාරු අංකය මෙම ලිපිනය වෙත යොමු කරන්න . cooperative.nts@gmail.com

·         මේ දියණියගේ තත්ත්වය පිළිබඳ දැන ගැනීමට https://www.facebook.com/cooperative.nts ඔස්සේ ඔබටද සම්බන්ධ විය හැක . ඔබේ පරිත්‍යාගයන් හි අය වැය සටහන් ලබා දීම ද මෙමඟින් සිදු වනු ඇත.
--------------------------------------------------------------------------------------------
ඔබේ කාරුණික උපකාරය ඇය වෙත යොමු කරවනු පිණිස , මෙම තොරතුරු සටහනකට ගොනු කරමින් ඔබ වෙත එවූ මා , මහේෂ් නිශාන්ත , මිසිසාගාවේ සිට (  මෙම පුහුණු ආයතනයේ සම්බන්ධිකරණ නිළධාරි සහ දේශකයෙක් ලෙස 2011 දක්වාම සේවය කළ හෙයින් මෙම දියණිය සහ සිදුවීම පිළිබඳ වගකීම් සහිතව ඔබ වෙත මෙය යොමු කළෙමි )

***ඔබට මේ පිළිබඳ  තවත් තොරතුරු දැන ගන්නට අපේක්ෂා කරන්නේ නම් ,මෙතැන ක්ලික් කරන්න  
නැතහොත් දුරකථන අංක +94778166929 ඔස්සේ සම්බන්ධිකරණ නිලධාරි  සුජීව ආරියනන්ද මහතා අමතන්න .


බ්ලොග් මිතුරනි , මේ පණිවිඩය ඔබ බ්ලොග් පිටුවේ සටහන් තබමින් තව දුරටත් මේ පණිවිඩය පතුරවමින් ඇයගේ ජීවිතය සුවපත් කරන්නට ඔබටත් ආරාධනා කරමි . අප ලද මිනිසත් බවයේ නිරාමිස සතුටක් ලබන්නට එයත් හේතුවකැයි මම සිතමි.




--------------------------------------------------------------------------------------------------------
****ඉහත දුරකථන අංක සම්බන්ධ කරගත නොහැකි  අවස්ථාවක  අංක 94913907751 මඟින් මෙම දියණිගේ පුහුණූ පාසලේ විදුහල්පතිතුමිය හෝ කාර්ය භාර නිලධාරිනියගෙන් අවශ්‍ය තොරතුරු දැන ගත හැක 




23 comments:

  1. නිශාන්ත අයියට ගොඩක් පින් අපිට මේ ගැන දැනුවත් කලාට !
    අනිවාර්යෙන්ම උදවුවක් කරන්නම් !!!

    ReplyDelete
  2. ස්තුතියි දැන්නුවාට පුද්ගලිකව සහ වෙනත් එක්ව කරන දේවල් වලට පුළුවන් සහයෝඅගයක් දෙන්නම්..

    ReplyDelete
  3. අපිත් පුළුවැන් විදියට උදව් කරන්න බලන්නම් අයියේ..

    ReplyDelete
  4. මමත් පෝස්ට් එකක් දැමමා.. මේ ගැන දේවගෙන් තොරතුරු ලැබුනෙ.. ඒකෙත් වැදගත් වෙයි කියල හිතෙන කමෙට් වගයක් තියෙනවා....

    ඒ ටික මෙතන දාන්නම්.. පුද්ගලිකව ඇය හෝ ඇගේ දෙමාපියන් සම්බන්ද කරගන්න විදියක් නැති නිසා.. ඔබතුමාට සම්භන්ද වීමේ හැකියාව තියෙන නිසා දැනුවත් කිරීමට පුලුවන් වේවි..


    නිකමට වගේ මම කිව්වට මේ පෝස්ට් එකේ(http://pansalhandiya.blogspot.com/2011/05/blog-post_23.html) කියලා තියන ඩොක්ට ලඟට යන්න. මේ ෆෝන් නම්බර් එකට කෝල් කරලා එපොයින්ට්මන්ට් එකක් ගන්න පුලුවන් 0112622822. එයාට සනීප කරන්න පුලුවන්නම් පුලුවන් කියනවා. බැරිනං බෑ කියනවා. රෝගියාම යන්න ඕන නැහැ. රිපෝට් ටිකත් අරං වෙන කෙනෙක් ගියත් ඇති. මම හිතන්නෙ ඔය තරම් වියදමක් යන එකක් නැහැ .....

    ReplyDelete
  5. මේ සොහොයුරිය සඳහා යම්කිසි මුදලක් ලබා දීමට බලාපොරොත්තු වෙමි . එය මේ සතිය ඇතුලත ලැබෙනු ඈත .

    ReplyDelete
  6. .විවිධ කරුණු ඔස්සේ අපව දැනුමෙන් පෝෂණය කරන ඔබ වෙනුවෙන් ,මම ඔබ සදහන් කල මේ හිතවතිය වෙනුවෙන් උපකාර කරමි

    ReplyDelete
  7. කොමශල් බැංකුව ඊ බෑංකිං පහසුකම සපයනවා. ලෝකෙ කොයි කොනේ හිටියත් මෙවැන්නකට උපකාර කරන්නට අවකාශය ලැබෙනවා.මා දන්නා වැඩි දෙනෙක් ඒ හරහා මෙසේ කරන අයයි.

    ReplyDelete
  8. honda adahas thiyanawa.obata pinsiduwenawa.

    ReplyDelete
  9. කොම් බැංකු අංකයක් ලැබුනානම් වඩාත් පහසුයි

    ReplyDelete
  10. ඇමතූ ඔබ සැමට ස්තුතියි , කොම් බැංකු අංකය පිළිබඳව ඔවුන් දැනුවත් කරන්නම් , පිළිතුරු ලැබුණූ වහාම ඒ ගැනත් කියන්නනම් , හැකියාවක් වෙතොත් සූජීව මහතා මේ ගැන දැනුවත් කළ හැකි අයෙක් වෙතොත් අගය කරමි , මක් නිසාද මා සිටින රට සහ ලංකාව අතර පැය 11ක පමණ ඇති කාළ වෙනස නිසා තරමක සන්නිවේදන අපහසුතා පවතිනවා ,නමුත් හැකි ඉක්මණින් මීට පිළිතුරු ලබා දෙන්නම් , බොහොම පිං එක්වු සැමට ,

    ReplyDelete
  11. මේකෙ තියන 4න් නමබර් එක වැඩ නෑනෙ...

    ReplyDelete
  12. I got 2 know that Nuclear Medical Unit of Faculty of Medicine Karapitiya has started radioiodnie therapy recently at a low price. please inform her regarding that.

    ReplyDelete
  13. -kanaththa ,
    ඔව් මටත් තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් මේ.වෙන්න පුළුවන් හේතු කිහිපයක් තිබෙනවා , හෙද විදුහලේ දුරකථ අංකය +94913907751 වැඩ කරන්නේ කාර්යාල වෙලාවේ විතරයි , මධුෂාණිගේ අංකය නම් වැඩ කරනවා , ඒත් ඇය රෝහල් සිටින විටත් රාත්‍රිෙය්දී එය අක්‍රියකරන බව කීවා , සුජීව මහතා සම්බන්ධ කරගනැනීමට හැකි වුනත් ඔහුත් සේවය කරන්නේ හියාරේ මහා විද්‍යාලය කියන දුෂ්කර ප්‍රෙද්ශයක් තියෙන පාසලක නිසා පාසල් කාළය තුල ඔහුය සම්බන්ධ කරගන්නත් අමාරුයි , ඒ නිසා ගාල්ල අවට , මේ දරුවගේ ගෙවල් අවට ඉන්න කෙනෙක් මේ තොරතුරු update කර ගන්න උදව්වෙන්න පුළුවන් නම් ලොකු දෙයක් .බොහොම ස්තුතියි

    Anonyhadmous ,
    Thank you , I will let them know regarding this . But I am not sure because in Faculty there is no suitable iodine therapy unit , but There is a iodine therapy unit in karapitiya hospital with a long waiting list , I highly appreciate your comment , Thankx

    ReplyDelete
  14. Dear Nishantha Sir,
    Our genuine effort is highly fruitful. We are receiving a lot of responses in this connection.
    We are very happy that there are people who have understood the real meaning of life all over the world. We are happy that we too are among them.
    I salute you my dear brother!

    ReplyDelete
  15. -Sujeewa Ariyananda ,
    Thank you my dear friend . I was waiting from you.I am so happy to hear it . Yes I expect and I wish We can help her with our true friends ..

    ReplyDelete
  16. මටත් ඊ-මේල් එක ආවා දේවා මල්ලිගෙන්... මමත් කීපදෙනෙකුටම ෆෝවඩ් කලා... පුළුවන් උදව්වක් දෙන්නම් අයියේ... මේක ලොකු පිංකමක්... ඉලංදාරියට වගේ මේ සොහොයුරියටත් උදව් කරන්න පුළුවන් වුනොත් මහේෂ් අයියටත්, දේවා, පොඩි මෑන්, රාජ් ඇතුළු හැමදෙනාටමත් ඒක ලොකු පිනක්...!

    ReplyDelete
  17. -Chathuranga Perera ,
    ඇත්තටම , මේක හැම දෙනාටම ලොකු පිනක් , ඒවගේම “නිරාමිස සතුටක්“ ලැබෙන දෙයක් , මම කළේ මට සුජීව මහතා එවපු තොරතුර මෙහි සටහන් කිරීම විතරයි , මේ දුව ගැනත් ඇයගේ ආර්ථික තත්ත්වය ගැනත් මට අවබෝධයක් තිබුණා , ඒ එකකම රෝග පරික්ෂණ වාර්තාත් එවා තිබූ නිසා වී ඇති දේ සහ වෙන්නට ඇති දේ ගැනත් සිතට දැනුනා , මොකද මමත් වසර හතක් පිළිකා ඒකකයක සේවය කළ කෙනෙක් , ඉතින් මෙහි ප්‍රතිපල ගැන හොඳ අවබෝධයක් මටත් තිබුණා ...මම කළේ දැනුම් දිම විතරයි , එතැනදි ඔබ සැමගේ සහයෝගය ඊට එක්වීමයි මේ දරුවාගේ වාසනාව ..ඔව් ඔබ සැමගේ උදව්වෙන් ඇය නිරෝගී තරුණියක් ලෙස සමාජයට වැඩක් කරාවි ...ඒය සතුටක් ..ඒ හොඳටම ඇති නේද මල්ලී ..අපිට ..

    ReplyDelete
  18. පිළිකා සඳහා මා අත්දුටු ඖෂධය

    මා පිළිකා රෝගයෙන් පෙළෙන කෙනකු හෙයින්, අප විසින් එදිනෙදා ගනු ලබන ආහාරවල මේ විටමින් B17 අඩංගු දැයි සොයා බැලීමට මා සිත තුළ කුතුහලයක්‌ ඇති විය. අන්තර්ජාලය හරහා සොයා බලද්දී මඤ්ඤොක්‌කාවල විටමින් B17 ඉහළ සාන්ද්‍රණයකින් අඩංගු බව දැන ගන්නට ලැබිණි. ඒ අනුව මම අනුමාන වශයෙන් සිතා මඤ්ඤොක්‌කා ග්‍රෑම් 100ක්‌ පමණ දිනකට වරක්‌ ආහාරයට ගන්නට පටන් ගත්තෙමි. මෙසේ මඤ්ඤොක්‌කා මාසයක්‌ පමණ නිතිපතා ආහාරයට ගැනීමෙන් පසුව ජාතික රෝහලේ මගේ පුරුදු ශල්‍ය වෛද්‍යවරයා හමු වී මුත්‍රාශයේ සයිටොස්‌කොපි පරීක්‍ෂාවක්‌ කර ගත්තෙමි. මගේ මුත්‍රාශය සම්පූර්ණයෙන් නිරෝගී සහ සාමාන්‍ය තත්ත්වයෙන් තිබෙනු දුටු වෛද්‍යවරයා ද පුදුමයට පත් විය." බයොප්සි පරීක්‍ෂාවට සාම්පලයක්‌ ගන්න තැනක්‌ වත් නෑ..." ඒ ශල්‍ය වෛද්‍යවරයා ගේ වදන් ම විය.

    මා මඤ්ඤොක්‌කා ආහාරයට පටන් ගත් පසු මා අවට ඇසුරු කරන අය කියන්නට පටන් ගත්තේ මා වෙනදාට වඩා සුවතාවෙන් සිටින බව පෙනෙන බවයි. ඒ ඔවුන් මා තුළ දුටු වෙනස ය.

    මුත්‍රාශයේ නවතම වෛද්‍ය පරීක්‍ෂණයේ ප්‍රතිඵලවලින් දිරිමත් වූ මම ශ්‍රී ලංකාවේ සිටින අනෙකුත් පිළිකා රෝගීන් ගේ ද සුබසිද්ධිය පිණිස මා ගේ කතාව ප්‍රසිද්ධියට පත් කළෙමි.

    මඤ්ඤොක්‌කාවල අඩංගු විටමින් B17 ක්‍රියා කරන ආකාරය ඉතා සරලව පැහැදිලි කරනු කැමැත්තෙමි. විටමින් B17වල විද්‍යාත්මක නාමය වන්නේ amygdalin ය. පිළිකා සෛල අපරිණත සෛල බවත් ඒවායේ එන්සයිම සාමාන්‍ය සෛලවල එන්සයිමවලට වඩා වෙනස්‌ බවත් අපි දනිමු.

    විටමින් B17 සාමාන්‍ය සෛලයක්‌ තුළ දී සීනි අණු 3ක්‌ බවට පරිවර්තනය වේ. එහෙත් පිළිකා සෛලයක්‌ තුළ දී එය සීනි අණුවක්‌, බෙන්සැල්ඩිහයිඩ් අණුවක්‌ හා හයිෙඩ්‍රාසයනික්‌ අම්ල අණුවක්‌ නිපදවයි. හයිෙඩ්‍රාසයනික්‌ අම්ලය මගින් පිළිකා සෛලය මරුමුවට පත් කරයි.

    ඖෂධ වර්ග ගැන පර්යේෂණ පවත්වන මහ ලොකු කොම්පැනිකරුවන් මේ විටමින් B17 ගැන පර්යේෂණ පවත්වා තිබේ ද? නැතිනම් ඒ ගැන පර්යේෂණ කළොත් නරක ද? මඤ්ඤොක්‌කා ලාබදායී ය. ලබා ගැනීමට පහසු ය. තම්බන්නට පහසු ය. ඉතා රසවත් ය. කිසිදු අතුරු ආබාධයකින් ද තොර ය. මීට වඩා දෙයක්‌ කෙනකුට බලාපොරොත්තු විය හැකි ද?

    (මේ ලිපියට ඔබේ ප්‍රතිචාර විදුසරට යොමු කරන්න)

    වෛද්‍ය සින්තියා ජයසූරිය
    පරිවර්තනය
    ආචාර්ය පියසිරි අමිලසිත් යාපා

    I am a regular reader of your Soduru Suwa Asapuwa.

    When I reading about this girle, I remembered the artical I read in the Vidusara Magazine 2011 August 10 Wednesday & I save in my computer. I am sending it to you. But full artical cannot be past here and I think you can go to http://www.vidusara.com/2011/08/10/viduindex.htm and read it. If this also can help that girl, I think its better than nothing.

    Thank you very much Mr. Nishantha what you are doing to this community by helping and giving knowledge about various health problems.

    Thank you.

    ReplyDelete
  19. -Anonymous ,
    Thank you for your valuable comment , and appreciation.

    ReplyDelete
  20. දැන් කොහොමද ගිණුමෙ තත්වය ?

    ReplyDelete
  21. -පිස්සා පලාමල්ල,
    අද විස්තර මට එන්නේ ලංකාවේ වෙලාවෙන් උදේ 4ට...තවමත් මේ වෙලාවේ ගිණුම් තත්ත්වය දැන ගන්න ක්‍රමයක් නැහැ ...නමුත් මට තොරතුරු ලැබුණු විගසින් මෙහි එය යාවත්කාළීන වෙනවා ...
    ස්තුතියි

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)