2012/05/29

104) හිත ගැහෙන ගත කහන ෆෝන් මකුළුවා ..


මේ දවස් ටිකේම ලංකාවේ එක්තරා මාධ්‍ය ආයතනයක් ලොකු අනතුරක් ගැන දිගින් දිගටම ප්‍රචාරණය කරන. ඒ   ෆෝන් එකේ ඉන්න ක්ෂුද්‍ර ජිවියෙක් ගැන . ඒ විඩියෝව දැක්කම එක අතකින් හිතට පුදුම දුකකුත් දැනුන .ඒ මේ මයිටාවා ගැන නෙවි , අපේ මිනිස්සු බය වෙන හැටි දැකලා. ඇත්තටම සැළකිළිමත් වෙන්නට ඕන සෞඛ්‍ය ප්‍රශ්න දහස් ගණනක් තියෙත්දි මේ කොහේ හරි ඉන්න මයිටාවෙක් ගැන කියන කතා .

මම මෙතැනදි කතා කරන්න හදන්නේ මට තේරුම් කරල දෙන්න පුළුවන් ක්ෂ්‍රද්‍රජීව විද්‍යාත්මක සහ ඊට අනුබද්ධ සෞඛ්‍ය ආශ්‍රිත කරුණු ගැන විතරයි , ඇත්තටම මේ මයිටාවා නිසා ෆෝන් එකට යම් හානියක් වෙනවද ? , ෆෝන් එක නරක් කරනවද  කියන කරුණූ ගැන මම දන්නේ නම් නැහැ , නොදන්න නිසාම ඒ ගැන කතා නොකර ඉන්නම් , 

මේකෙත් මයිටාවෝ ඉන්න පුළුවන්නේ 
ඒත් මේ නිසා තිගැස්සුනු හුඟදෙනෙක් බය වුනේ ෆෝන් එක නරක් වෙයි කියන බයට වඩා මේ සතා ඇඟට ඇතුළු වෙලා කරදරයක් කරාවි කියන බය කියලයි මට හිතුනේ. මොකද ඒ රෑප රාමුවල අදාල ජීවියා විශාල කරල පෙන්වත්දි මේ විෂය ගැන නිසි අවධානයක් නැති අපේ සාමාන්‍ය ප්‍රජාවට ලොකු කුතුහලයක් , ඒ එක්කම බයක්, ඒක නරඹන්නාගේ තතත්වයත් එක්ක සාධාරණයි .ඒත් මගේ මතය හැටියට ඒ වීඩියෝව තුලම මෙබදු මයිටාවුන් කෝටි ගණනක් තමන්ගේ ඇඳ රෙදි වල , මේසේ මතුපිට ඉන්න බව.... ඒ කිව්වේ ඇත්ත කතාව  කීව නම් මේ ඇති වුනු අනවශ්‍ය බය අඩු කරන්න තිබුණා. නමුත් මේ කිසිම දෙයක් නැතිව එකපාරට ගෝනුස්සෙක්  වගේ මයිටාවෙක් පෙන්නුවම  ෆෝන් service කරන්නයි ,hands free ගන්නයි දුවන එක අහන්නත් දෙයක්ද ,  ඒත් ඔය දුවන දිවිල්ලත් එක්ක ඇවිස්සෙන දුහුවිල්ලෙ ඉන්න මයිටාවුන් දහස් ගණනක් ඔබේ නාහෙ ඇතුලට ගියේ නෑ කියල කෝම කියන්නද මේ තරං කිවිසුම් යත්දි  ? ...


අපි ටිකක් හොයල බලමු කවුද මේ මයිටා කියන්නේ කියල ? විද්‍යාත්මක නාම කරණය ඔස්සේ ගියොත් මේ සන්ධිපාදික ජීවි කණ්ඩායටම අයත් තවත් කොටසක් , දැන් ඉතින් මෙතන ජීව විද්‍යානාමකරණය අනුවම ඒ චවන වලින්ම ලියන්න යන්නේ නැහැ , එහෙම වුනොත් මේ බය වෙච්ච අපි තවත් බය වෙනවනේ . කොහොම වුනත් සන්ධී සහිත පානද තියෙන , බාහිර සැකිල්ලක් තිබෙන මේ ජීවින්ට උදාහරණ විදියට සමනලයගේ ඉඳන් පත්තෑය , මකුණ වගේ සත්තුත් අයිතියි.  මේ ජීවින් ලෝකේ පුරා හැම තැනකම ජීවත් වෙනවා විතරක් නෙවි මීට අවුරුදු මිලියන ගණනකට ඉස්සරත් හිටපු හොඳ පෞඪ ඉතිහාසයක් තියෙන ජීවින් විශේෂයක් . වැදගත්ම දේ මේ ජීවින්ගෙන් ගැලවිලා ඉන්න නම් අපිට හුඟක් අමාරුයි , හේතුව මෙයාලට බොහොම දුෂ්කර පරිසර තත්ත්ව යටතේ පවා ජීවිත් වෙන්න පුළුවන් , දන්නවද මුහුදේ මීටර් 5000ක් විතර යට පරිසරයේ පවා මේ පවුලේ අය සොයාගෙන තියෙනවා. මේ ඉන්නේ ඔය නැදැ පරම්පරාව . මෙයින් අපේ කතාවට අදාල කට්ටිය අයිති වෙන්නේ Arachnida කියන ගොඩට ..

ඊට පස්සේ Arachnida ලා ගැන හොයල බැළුවොත් එයින් මයිටාවන් අයිති වෙන්නේ Acari කියන කොටසට 
ඒ පවුලෙත් තව ඥාති තුන් දෙනෙක් ඉන්නවා ..

එයින් අපේ මේ “ෆෝන් මකුණා“ වගේ කට්ටිය  අයිති වෙන්නේ  Acariformesකොටසට  (ඒත් ඉතින් මේ මකුණා කවුද කියල හරි විස්තරයක් දුන්නේ නැහැනේ තවම) 
...
ඔන්න දැන් අපි අපේ යාළු මයිටාවන් ගැන බැලුවොත් එයාලගෙත් පොඩි පොඩි වෙනස්කම් තියෙන පවුල් කීපයක් තියෙනවා ...

පේනවද වැඩේ දුර යන හැටි ...මයිටාවන් කීවම ලොකු පරාසයක් තුල විහිදී ඇති ජීවින් කොටසක් බව පෙන්වන්න විතරයි මේ ඇදෙන සටහන ගැන කතාවට ආවේ.

මයිටා හ් හ් හ් ....
දැන් අපි එමු අපේ මූලික කතා බහට , ඒ කියන්නේ මේ මයිටාවන් ගැන අපි මීට වඩා දැන ගත යුතු කරුණු ගැන . ඔබ දන්නවද ඔබේ මුහුණෙ , නාසයේ , සම මතු පිට වගේම ඔය අල්ලගෙන ඉන්න පෑනේ , කඩදාසියෙත් ඕන තරම් මයිටාවුන් ඇති , විශේෂයෙන්ම බෝඩිම් ජීවිතේ ගත කරන අපේ මිත්‍රයන්ගේ ඇඳ රෙදි වල ලක්ෂ ගණන් මයිටාවුන් ඇති ...ඒ හිටිය කියල ලොකු කරදරයක් නම් මේ වනතුරු උනේ නැතිව ඇති , සමහර විට ඔය ගේ අස් කරන දවසට “දුවිල්ල ගිහින් “ හාච්චිං යන්නේ  , දුවිල්ල විතරක් නිසාම නොවෙයි , ඒ දුහුවිල්ලත් එක්ක  Dust mites දහස් ගණනක් නාස් කුහරයට රිංගන නිසා. ඔය සමහර කාළෙකට හමේ කැසිල්ලක් ඇති කරන්නත් මේ මයිටාවන්ට පුළුවන් . ඒ විතරක් නෙවි , දන්නවද කස කසා ප්‍රීති වෙන ලෙඩේ ...ප්‍රීති කසානා ....ඒ කිව්වේ හම පතුරු යන කම්ම කස කස ඉන්න පුළුවන් , scabies කියන සමේ රෝග තත්ත්වය ඇති කරන්නෙත් මේ මයිටා කාණ්ඩයේම කෙනෙක්.  

පහල තියෙන වීඩියෝවෙන් මයිටා නිසා අපට ඇතිවිය හැකි ස්කේබීස් රෝගය ගැන යමක් දැන ගන්නට පුළුවන් වේවි , ඒත් ඒ වැඩසටහන මම හැදුවේ , අපේ සෞඛ්‍ය කණ්ඩායමේම පිරිසක් වෙත කළ දැනුවත් කිරීමේ වැඩසටහනකදි නිසා බොහොමයක් විස්තර වීඩියෝව තුල නැහැ  , මොකද වැඩසටහන සාකච්ඡාවක් විදියට තමයි මම ඇතුළු අපේ කණ්ඩායම කළේ .


අපි දැන් ටිකක් හොයල බලමු අපිට කරදර කරන්නට ඉඩ ඇති මයිටාවන් කවුද ? මොනවද එයාල කරන්නේ කියලා , හැබැයි මතක තියා ගන්නම ඕන දේ ලක්ෂ ගණනක් මයිටා වර්ග වලින් මිනිස්සුන්ට පොඩි හරි කරදරයක් කරන්නේ බොහොම සුළු පිරිසක් විතරයි . බලමු ඒ කරදර මොනවද කියලා ..

Dust mites කෙනෙක් විශාල කරාම පේන විදිය
මින් වැඩිම කරදරයක් කරන කෙනා විදියට අපිට ගන්න පුළුවන් කෙනා තමයි Dust mites කියන කෙනා. ලොකු කරල බැලුවොත් නම් කැරපොත්තෙක් වගේ වුනත් අල්පෙනෙති තුඩක් තරම් පුංචි ජීවියෙක් , හරිම කැමතියි දම උණුසුම් වියලි පරිසරවල ඉන්න , විශේෂයෙන්ම දැව භාණ්ඩ මත එකතු වුනු දුහුවිලි වලට වැඩි කැමැත්තකින් ඉන්නවා.  ඒ විතරක් නෙවි ඇඳ ඇතිරිලි , තිර රෙදි වගේ දේවල වලත් අපේ හමෙත් ඉන්න පුළුවන් ..හැබැයි හමේ ඉන්නේ එච්චර කැමැත්තකින් නෙවි , ඒ වුනාට වැරදිලා හරි හමේ මිය ගිය සෛල කමින් බොමින් දිගින් දිගටම එතන ජීවත් වෙන්න පැටවු දාලා පදිංචි වුනොත් නම් කසන්නම වෙනව , ඒ කිව්වේ දැන් හමේ හැම තිස්සෙම කසන සුළු ගතියක් දැනෙනවා . හැබැයි අර කසානා තරම්ම දරුණූවට නෙවි , චින්න චින්න කෂනවා... 

ඒ කැසිල්ල විතරක් නෙවි මෙයා නාසය ඇතුලට ගියාම නාසයත් කසනවා , හේතුව මෙයාට විරුද්ධව අසාත්මික ප්‍රතික්‍රියාවක් වෙනවා , දැන් ඔන්න නාහේ කහන්නේ කොහොමද අහන්න එපා , කිවිසුම් යනවා , හොටු බේරෙනවා , නාහේ පොඩි කරන්න හිතෙනවා , හැම තිස්සෙම අතින් නාහේ උඩට තද කරනවා ..ඔය වගේ ලක්ෂණ එන බොහොම වේලාවට හේතුව තමයි මේ මයිටාවා නාසයෙ තුනී පටල මත රැඳිම ...

ඊට අමතරව මෙයාට පුළුවන් අපිට ඇදුම , නැත්නම් හතිය ඇති කරන්නත් , මොකද ඒකත් අසාත්මිකතාවයත් එක්ම එන තත්ත්වයක්. හතියේ අමාරුව කියන්න ඕන නැහැනේ , දැන ගන්න ඕන දේ තමයි මේ හතියට හේතු කාරක වන කෙනා ඉන්නේ දුහුවිල්ල එක්ක කියන එක . අනෙක් වැදගත් දේ මේ මයිටාවා විතරක් නෙවි එයාගේ මළපහ පවා දූවිල්ලත් එක්ක ඇවිත් අපිව මේ විදියට ලෙඩ කරන්න පුළුවන් බව සොයාගෙන තිබෙනවා.

මෙයාගෙන් බේරෙන්න පූළුවන් ප්‍රධානතම ක්‍රමය තමයි ගෙදර දොරේ දූවිලි එකතු වෙන එක වලක්වල , පිරිසිදු කරලා , පවිත්‍රව තියා ගන්න එක , විශේෂයෙන්ම ඇඳ රෙදි සහ මෙට්ටය , තිර රෙදි "  ඒවිතරක් නෙවි , මේස , පුටු , ඔබේ පරිගණකය , ෆෝන් එක වුනත් හොදට පිරිසිදුව තියා ගන්න ඕන ... , ඒ එක්කම අත් සේදිම ගැනත් නිවැරදි දැනුමක් සහ ක්‍රියාත්මක වීමක් ඊට වැදගත් .හැබැයි ඉතින් පාරේ දුහුවිල්ලත් එක්ක එන මයිටාවන්ගෙන් බේරෙන්න නම් හරිම අමාරුයි නේ ..

Dermodex mitesලා රිංගන හැටි
තවත් මේ ජාතියේ එක්කෙනෙක් තමයි Dermodex mites කියන්නේ මෙයා නම් හරිම කැමති සමේ තියෙන තෙල්මය ග්‍රන්ථි එක්ක ඉන්න , අපි කුරුලෑ ලිපියෙදි කතා කඝ Sebaceous glands . මෙයාල ඕන තරම් අපේ හමේ ඉන්න පුළුවන් කිසිම කරදරයක් නොකර , හැබැයි ඇහි පිහාටු වල තියෙන Sebaceous ග්‍රන්ථී අස්සට ගියාම නං ටිකක් කරදරයි ,හැම තිස්සෙම ඇස් කසන්න පටන් ගන්නවා , ඇස් රතු වෙලා තියෙන්නත් පුළුවන් ,  ඒ එක්කම ඇස් පිහාටු වල තියෙන රෝම ගල වල දාන්න තරම් සැර කාරයෙක් මෙයා. ඒත් බොහොම සරළ ප්‍රතිකාර වලින් සුව කරගන්නට පුළුවන් අසාත්මික තත්ත්වයක් තමයි ඇති කරන්නේ .මේ කට්ටිය ගැන කියත්දි පොඩි කතාවක් තියෙනවා ..............ඒ තමයි මේ ජාතියේ මයිටාවුන් ඔබේ ගෙදර හුරතලේට ඇති කරන බල්ල , පූසා වැනි සතුන්ගේ සමේ ඉඳලත් අපේ ඇඟට එන්න පුළුවන් . 

මේ විදියටම කුරුල්ලන් වැනි සතුන් ගේ පිහාටු අතරෙත් මයිටාවන් ඉන්නවා , එයාලත් අපේ ඇඟට ආවොත් වෙන දේ තමයි කැසිල්ල , ඒ නිසා මයිටා ප්‍රහාර වලින් බේරෙන්න අමාරු උනත් , අහක ඉන්න මයිටාවෝ ඇඟේ දාගන්න ඕනයැ නේද ?

 Chiggers
ඔය අතරේ පස් අස්සෙම , නැත්නම් දුවිල්ලෙම ඉන්න ආස Chiggers කියන ඇහැට නොපෙනෙන මයිටාත් අපේ ඇඟට ආවොත් අර කැසිල්ලම හැදෙනවා , රතු වෙලා හමේ පළු දාන්නත් පුළුවන් මෙයා නිසා නම් .

ඔය විදියට කියාගෙන ගියොත් තව පොඩි පොඩි කෑලි දාහක් ගැන ලියන්න පුළුවන් , ඒත් ඕව කියවන්න වෙලාවක් ඇතෑ ..කියවන්න ගියොත් ඉතින් අර රැපවාහිනියේ පෙන්නුවාට වඩා බය වේද මන්ද ? ..

ඉතින් අපි අන්තිමට කියමු කොහොම මේ අපේ ඇඟට හානියක් කරන්න පුළුවන් Mites ලගෙන් ආරක්ෂා වෙන්නේ කියලා ..කෙටිම උපක්‍රෙම් තමයි , නිසි පරිදි ශාරිරික සහ තමන්ගේ පරිසරයේ පවිත්‍රතාව පවත්වා ගැනීම , අනිත් දේ තමයි මේ වගේ මයිටා පහරකට ලක්වෙලා කියල හිතෙන , කැසිල්ල , හතිය වගේ තත්ත්ව තිබේ නම් ඉක්මණින් නිසි ප්‍රතිකාර අරගෙන , තමන්ගේ ඇඟේ තව තවත් මයිටාවන් පදිංචි වන එක නවත්තන එක ...එහෙම නැතිව කළබල වෙලා දඟලල තමත් මයිටාවෝ ගාගන්න එක නෙවි .....

දැන් ඉතිං තව ටික දවසක් ගියාම ලංකාවේ Acarophobia (Acaro- මයිටාවා Phobia- බය) තත්ත්වයෙන් පෙළෙන අයට වෙනම රෝහලක්ම දාන්න වේද මන්ද ? ......කොහොම වුනත් මාධ්‍ය හරහා ලබා දෙන දේ මිනිසුන්ගේ මනසට කාවදින නිසා , ලබා දෙන දේ සංයුතිය , නිවැරදි බව වගේම එය සමාජ ගත වීමෙන් ඇති විය හැකි පල විපාකත් ටිකක් හොයල බලල යමක් එළියට දානවනම් වඩාත් හොඳයි කියලයි මට හිතෙන්නේ ..



ලොකු කරපු මයිටට බය වෙච්ච අයට ඇත්තටම බය වෙන්න ඕන කෙනෙක් පෙන්වන්නං ...
M.R.S.A. බැක්ටීරියාව
මේ ඔබව මාරයා කරා රැගෙන යන්න පුළුවන් , අපිම කර ගත්ත වරදක් නිසා හදා ගත්ත තවත් නපුරු ක්‍ෂුද්‍ර ජීවියෙක් ...හැබැයි මෙයා හරි ලස්සනයි , ඒ නිසාද මන්ද අපේ අය ඒ තරම් මෙයා ගැන කතා කරන්නේ නැත්තේ ...

මෙයා ගැන දැන ගන්න ඕන නම් සොඳුරු සුව අසපුවේ 5 , 6 ලිපි දෙක කියවන්න ..



එහෙම නම් නිවාඩු දවස් ටිකේ තව දවසක් මයිටාවුන් එක්ක ඉන්න ගත වුනා ..කමක් නැහැ , මේ ගත් දැනුමත් , මේ ඔස්සේ ඔබ සොයා ගන්නා දේත් , එහි නිවැරදි තත්ත්වයන් මිතුරන් අතරේ පතුරවන්න , දැනුවත් කරන්න . එයයි අපේ යුතුකම ....සුවබර දිනයක් ...


මෙන්න තවත් වීඩියෝවක් එක් කළා , හැබැයි ඒ ඔබ මයිටාවන් පිළිබඳ යම් අවබෝධයක් ඇතැයි හැඟිමෙන් මිස , ඔබ තවත් බිය ගන්වන්නට නම් නොවේ ...



**** පසුව එක් කළෙමි ******
අද දින (01/06/2012) සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ ලිපියක් මඟින් මෙබඳු “ෆෝන් මකුණෙක්“ පිළිඳව අවදානමක් නැති බවත් , ඒ පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවත් දන්වා ඇති අතර ඒ පිළිබඳ සවිස්තර සටහනක් මෙම ලින්ක් එකෙන් දැන ගන්නට ඔබ පුළුවන් . 


ස්තුතියි ...

31 comments:

  1. අනේ වටිනවා මේ ගැන කියපු එක මම අදත් දැක්කා එක්කෙනෙක් ෆොන් එක සර්විස් කරන්ඩ යනවා.
    ෆොන් හදන කට්ටියට හොදයි මේ දවස්වල.මහන මෙෂින් වලත් මෙෂින්වලත් ඔහොම කව්රැ හරි ඉන්නවා කියලා ප්‍රචාරයක් ගියානං මටත් කීයක් හරි හොයා ගන්ඩ තිබ්බා.
    (හීනයකින්වත් එහෙම නොපතමී විහිලූවටයි කියුවේ)

    ReplyDelete
  2. කොම්පියුටර් ටිකක් සර්විස් කරලා ගානක් හොයාගන්න පුළුවන් කාලයක් එයි මයිට්ලා කොම්පියුටර් වලත් ලැප්ටොප් ස්ක්‍රීන්වලත් ඉන්නවා කීවානම්...:D
    මට මෙහෙම දෙයක් අහන්න හිතුනා. අපේ කණ ඇතුලේ වැක්ස් තියනවානේ. ඉතින් මෙයාලා කණට ගියොත් ඒවායේ ඇලිලා විනාශ වෙන්නේ නැද්ද.?
    හොඳ ලිපියක්. මාධ්‍ය වලින් තමන් අංක එක කියන්න කරන බොහෝදේ නිසා සමාජයට වන හානි වලින් අසරණ මිනිසුන් බේරගන්න මේ වන් දැනුවත් කිරීම් ගොඩක් පිටිවහල් වෙනවා.

    ReplyDelete
  3. බොහොම වටිනවා නිශාන්ත අයියේ. මොකද මෙහේ අය හරියට බයවෙලා ඉන්නේ. බොහොම ස්තුතියි...!

    ReplyDelete
  4. එතකොට ඉන්නා කියන්නෙත් මයිටෙක්ද?


    @priyantha,

    එව්වලත් ඉන්නවා.. මගේ මොනිටරේ ඉන්නෙ..

    ReplyDelete
  5. ඔබතුමාට බොහොම ස්තුතියි, ටික දෙනෙක් හරි මේ මාධ්‍ය අඳ බාලයන්ගේ අනවශ්‍ය කලබල කරවීමත්, එසේ කර ආතල් ගත හැටිත් තේරුම් ගනීවි.

    මේක හැකි උපරිමයෙන් හැමතැනම ෂෙයාර් කරනවා.

    ReplyDelete
  6. කාලීන මාතෘකාවාක් . මෙහේ ඉන්න අය ගොඩාක් බය වෙලා ඉන්නේ මේ කරුණ පිලිබඳව . බොහොම ස්තූතියි නිසි අවබෝධයක් ලබා දුන්නාට .

    ReplyDelete
  7. ඔය සතා ගොඩක් ඉලෙක්ට්‍රික් බඩු වල ඉන්නව. විශේෂයෙන්ම ප්ලාස්ටික් වලින් හදපුවයෙ. ඕක අද ඊයෙ ඉඳල ඉන්න සතෙක් නෙමෙයි.
    වටිනවා දැනුවත් කිරීම.

    ReplyDelete
  8. බොහෝම ස්තූතියි... මාත් බයවෙලා හිටියේ... මගේ ලැප්ටොප් එකේත් මුන් ඉන්නවා...

    ReplyDelete
  9. මේ ගැන ලස්සන වීඩියෝ එකක් දැක්කා ඩිස්කවරි චැනල් එකේද කොහෙද...
    මේ ගැන ටිකක් ඉන්ටනෙට් එකේ සෙව්වොත් බලාගන්න තිබුනා..
    ස්තුතියි මහේෂ් කාලීන මාතෘකාවට..

    ReplyDelete
  10. සැහෙන වට්න ලිපියක් ,අපේ හුගක් මාධ්‍ය කරන්නේ තමන්ව මාකට් කරගන්න මිනිස්සු කුලප්පුකරන එකනේ...

    ReplyDelete
  11. වැදගත් තොරතුරු ටිකක්.. මේ දවස් වල වැඩියෙන් කතා කරන දෙයක්නේ මේක..

    ReplyDelete
  12. මේ ලිපිය කියවන මොහොත දක්වාම අපිත් බොහොම කනස්සල්ලෙන් තමයි හිටියේ.එයින් අප මිදෙව්වාට ඔබට පින්.ඒ වගේම අමතර දැනුමක් ලබාදුන්නට ස්තුති කරන්න වචන නැහැ.

    ReplyDelete
  13. තමුන් නිදන කොට්ටා, මෙට්ටා, සැටි වල තමා ගොඩක් ම ඉන්නෙ. අපි උපන් දා සිටම උන් අපෙ ඇඟේ දැවටෙන අය - දූවිල්ල මාර්ගයෙන්. වසර මිලියන 290 ටත් කලින් සිට ඉන්න අයව අපේ ලංකාවෙන් "එයාලා" හොයාගෙන තියෙන්නෙ දැන්. අනේ මේ කතන්දරේ රටින් පිට නොයැවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වස ලැජ්ජාවයි නැත්නම්.

    ReplyDelete
  14. ඇත්තටම වටිනා ලිපියක් අයියේ.මටත් මතක් වුන දේ තමා ඇද රෙදි වල පවා ඔය මයිටාවො ඉන්න පුලුවන් කියන එක. අනේ ඉතිං සාමාන්‍ය අය වැඩි දුර කල්පනා නොකර බය වෙනවානෙ.

    හැම තැනම ශෙයා කරන්න ඕනෙ.දන්න අයට යවන්න මේක මේල් කරන්නද අයියගෙ බ්ලොග් එකේ ලින්ක් එකත් එක්කම.

    ReplyDelete
  15. මම නම් කියන්නේ මේ ඩස්ට් මොත් කියන මයිටා විශේෂය. ෆෝන් අස්සට එන දුවිල්ලේ උන් ඉන්නේ. ඕක මගේ පරණ ෆෝන් එකෙත් තිබ්බා, ඒත් මම ඩස්ට් මොත් ගැන දැනන් හිටිය හින්දා ගණන්ගත්තෙ නෑ. ඒ මීට අවුරුදු 4 කට කලින්. එත් මේ මම තාම ඉන්නේ. :-)

    ReplyDelete
  16. මං බයවෙලා හිටියෙ අළුත්ම මයිටාවො ජාතියක් හොයාගෙන කියල. මේ පැහැදිලි කිරීමට ස්තූතියි ඔබතුමාට.

    ReplyDelete
  17. මහේෂ් ට කියන්න මටත් ඕක හිතුන . මයිටාවෝ අපිට එච්චර හුරු නැති වුනාට කොරියන් , මැලේසියන් ළමයි හරියට ඉන්නවා මන් දන්නා ඩස්ට් මයිටවන්ට අසාත්මික . එයාලගේ අම්මලට ගෙවල් සුද්ධ කිරීම ලොකු වැඩක් . මන් හිතන්නේ නිවර්තන අපේ සම ශක්තිමත්

    ReplyDelete
  18. ඒකනේ මේ වගේ සත්තු ෆෝන් එකේ විතරද ඉන්න පුළුවන් කියලා ඕක ටීවී දකිද්දීම මට හිතුනා

    ReplyDelete
  19. -අටර්‍මපහුර ,
    කොහොම කොහොම හරි කට්ටිය ෆෝන් ටික සර්විස් කරගත්තනේ , ඇත්තම තමයි ඔය මහන මැෂින් වලත් , දූවිලි තිබුණොත් මෙයාලා ඉන්න පුළුවන් ....ස්තුතියි ඔබේ පැමිණීමට..

    -priyantha ,
    ඔව් , වැක්ස් වලිනුත් යම් ආරක්ෂක කාර්යයක් කෙරෙනවා , ඇත්තටම මාධ්‍යයක් තමන්ගේ තොරතුරු ප්‍රජාව වෙත ගෙනියා යුතු කෙසේ දැයි සිතන්නට මෙය හොඳ පාඩමක්..ස්තුතියි

    -Pradeep Gunarathna ,
    ඔව් මල්ලී , මේ ගැන යන කොමොන්ට්ස් බලාගෙන ඉඳලා ඇති වුනු හිතුවිල්ලක් නිසා තමයි පෝස්ට් එක ලියන්න හිතුනේ , ඔබේ පැමිණිම සතුටක්..

    -ඉඳුනිල්,
    බොහොම ස්තුතියි ඉඳුනිල් , මේ ගැන ඇති වෙලා තියෙන වැරදි භයානක හැඟිම දුරස් කරවලා , මෙහි ඇත්ත තත්ත්වය කියා දෙන්නට එය ලොකු පිංකමක් වේවි ..

    -Gimhani,
    ස්තුතියි Gimhani , ඒ නිසාමයි මේ වගේ සටහනක් ලීවේ ..

    -Praසන්ன ,
    ඔව් Praසන්ன , මේ ජීවින් අවුරුදු මිලියන ගානක් ඉස්සර ඉඳන් ඉන්නවා , ප්ලාස්ටික් මතු පිට වල් වලදි පහසුවෙන් හදුනගන්න පුළුවන් . ඔබේ පැමිණීම සතුටක් ..

    -Anonymous,
    ස්තුතියි , ඔව් මේ හැම තැනම ඉන්න පුළුවන් , දැන ගෙන හිටියම සහ පිරිසිදුව සිටියම ප්‍රමාණවත්..

    -රූ.... ,
    ස්තුතියි රූ.... , ඔබේ පැමිණිම සතුටක්..

    -රොබින් ,
    ඔව් සමහර මාධ්‍ය එක වෙන්න අපිව මෝඩයන්ට අන්දන එකයි වරද , ස්තුතියි ඔබට..

    -Dinesh ,
    ඔව් Dinesh ...ඒකම තමයි මෙය ලියන්න හේතු වුනේ ..ස්තුතියි

    -saman,
    ඔබ සැමගේ දිරි ගැන්වීම් නිසා වෙන් තමයි මේ සටහන් නිමැවෙන්නේ ..ස්තුතියි ..

    -Anonymous,
    ඇත්තෙන්ම ...ඔබගේ පැමිණිම සතුටක්..

    -නිසුපා,
    ඇත්තෙන්ම නිසුපා නංගී , මේ ජීවින් මෙතුවක් අපිත් එක්ක පරිසරයේ හිටි අය බව තේරුම් ගත්තා නම් මේ තරම් බය වෙන්නේ නැහැ ..ස්තුතියි ඔබටත් ..

    -ක්සැන්ඩර් | Xander,
    ඔබ හොඳ උදාහරණයක් අපේ කළබල වුනු අයට ..ස්තුතියි ඔබේ පැමිණීමට..

    -පරිකල්පන ,
    ඔව් , මේ සමහර විට අළුත් ජාතියක් වෙන්නත් පුළුවන් ,ඒත් මට කියන්නට ඕන වුනේ මේ ඇසට නොපෙනෙන මයිට්ස් කියන ජීවින්ගේන් අපට හානි වෙන විදිය සහ , පරිස්සම් වෙන විදියත් ඔවුන් හා පරිසරයේ ඇති බැඳිමත් ගැන ...ස්තුතියි

    -Bindi ,
    ඔව් බින්දි , අපේ රටේ තවමත් පිරිසිදුකම ගැන යම් තරමක අවබෝධයක් තියෙනවා , ඒත් මේ ගැටළු ගැන අවබෝධය තමා අඩු ..ස්තුතියි ඔබටත් සරු කරුණක් එක් කළාට..

    -මඩිස්සලේ නිශාන් ,
    ඔබේ හිතුවිල්ල තර්කානුකුලයි ,එය තමයි ඇත්ත .ස්තුතියි ඔබට ..

    ReplyDelete
  20. මමත් බයවෙලා උන්නේ ..වටිනා ලිපියක්..

    ReplyDelete
  21. ඇත්තම කියනවා නම් මම නම් ඔය විඩියෝ එක තාම බැලුවේ නෑ.. ඕක ගැන කියපු මගේ යාළුවෙකුට මම කිවුවේ "ඉතිං යකෝ උනුත් කොහේ හරි ඉන්න ඕන නේ" කියලා..

    මුලින්ම ප්‍රවෘත්ති වලට නීති ගේන්න ඕන.. ඔය ස්වර්ණවාහිනී කාරයෝලුනේ මුලින්ම මේක මුලු ලෝකෙටම කිවුවේ.. ඕකුන්ගේ ප්‍රවෘත්ති නෙවෙයි තියෙන්නේ අසරණ මිනිස්සුන්ගේ දුක විකුණන එක.. ‍පොඩි දේත් ‍බැරෑරුම් කරලා ලොකු කරලා පෙන්නන එක.. කවි කියන විදියට ප්‍රවෘත්ති කියන්නෙත්.. මට නම් දිරවන්නෑ..

    කොහොම වුනත් ඔබ තුමාගේ මේ දැණුවත් කිරීමට බොහොම ස්තූතියි.. මම මේ පෝස්ටුව බුකිගත කලා..

    ReplyDelete
  22. ඇත්ත.. හරියට දැන ගත්තෙ දැන් තමයි..
    මිනිස්සුන්ව බොරුවට බයකරනවා.
    ස්තුතියි...!ඔබට

    ReplyDelete
  23. -chami4u ,
    ස්තුතියි ඔබට ,

    -සෝරෝ ,
    ඔව් මමත් ඔබේ කරුණූ වලට එකඟයි , සතුටක් ඔබේ පැමිණීම.ස්තුතියි

    -වීපොකුර ,
    ඔව් අපි යමක් හරියට දැන ගැනීමම තමයි සතුට ..ස්තුතියි

    ReplyDelete
  24. කොහොමටත් මේ චැනල් එක එක දෙක කරලා පෙන්වන එකක් කියලා දන්නෝ දනිති. දැනුවත් කිරීම පිලිබඳව ස්තුතියි.

    ReplyDelete
  25. ඉතාම කාලීන මාතෘකාවක් මහේෂ් අයියා. ඉතා වැදගත්!!!!

    ReplyDelete
  26. -Loku John,
    ස්තුතියි Loku John

    -..ChAnDiKa..,
    ස්තුතියි මල්ලී ...

    ReplyDelete
  27. -niroshan,
    ඔව් දැනට ප්‍රචාරය වී ඇති තරමින් නම් “අළුත් යැයි සැක කළ හැකි“ ...
    ස්තුතියි ඔබේ පැමිණීමට

    ReplyDelete
  28. ගොඩක් වටින විස්තරයක්. මෙ දවස්වල ලංකාවම කතා වෙන්නේ ඔය මයිටෝ සීන් එක ගැන තමා.

    ReplyDelete
  29. -Anonymous ,
    ස්තුතියි ..

    -මධුරංග,
    ඔව් මල්ලි ..ඒ නිසාම තමයි මේ ගැන ටිකක් ලිව්වේ ..ස්තුතියි

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)