2012/04/30

96) ලිස්සන ජීවිතේ -ගැස්සෙන මධුසමය ..

චෑන් චුන්ලගේ හිනා යන කතාවක් 
හැමදාම ඉරිදට වගේ , ඊයේ අපේ ගෙදර Sunday concert එක නිසා , දෙන්නගේ සංගීත සංදර්ශන එහෙම බලලා , ඊට පස්සේ ලස්සන චිත්‍රපටියකුත් රස විඳල නිදා ගන්නකොට මැදියමත් පහුවෙලා ...
ඒ නිසාද මන්ද අද ගෙදර ආවට පස්සේ ටිකක් නිදි මතයි ..කෑම කාල ටිකක් වෙලා ඉඳළ කාටත් හොරෙන් ගිහින් ඇඳට පැන ගත්තේ පොඩි නින්දක් දාන්න ...සීතලයි ... අද වැස්සත් එක්ක ආයෙත් සීතල වැඩි වෙලා වගේ ...රිංග ගත්තා උණූසුම් ඇඳඇතිරිල්ල ඇතුලට “හොඳ නින්දක් දාන්න," ...“.තාත්තේ .. මේ මටත් නිදිමතයි වගේනේ ....මාත් එන්නද දොයිය ගන්න ....“ .. යාන්තං නින්දක් යාගෙන ආව විතරයි , මෙන්න පොඩ්ඩි , මොකෙක්ද බෝනික්කෙකුත් බදාගෙන මගේ ගාව කුරුකුරුව ....“හා ... අපි දෙන්න නිදා ගෙන නැගිටල විද්‍යාව පන්තිය කරමු ...එහෙනං ඉතින් දැන් කියවන්නේ නැතිව සැපට නිදා ගන්න හොඳේ ..“ ...

“මහේෂ් ... මේ .....නැගිටින්නෝ ...හ්ම් .. එහෙනං දෙන්න එක්ක ඇවිත් කාළ නිදාගන්න ...“ ..සැප නින්දක නිමාව !.....රෑ කෑමත් අරගෙන , දෙන්නටම ගෙදර විද්‍යාව පන්තියත් කරල කට්ටියම නිදාගන්න යවල , මං වාඩි වුනේ පරිගණකේ ගාව පත්තර ටික බලන්නත් හිතාගෙන , මොකද අද උදේම වැඩට ගිය නිසා කිසි දෙයක් බලන්න වුනේ නැහැ .මැයි දිනේ සමරණ හැටි , වෙසක් උත්සව , දේශපාලන කතා බල බල හිටියේ නිදිමතක් ළඟකවත් නැති නිසා ...

ක්ලික් ක්ලික් ....facebook එක පැත්තෙන් පණිවිඩයක් වගේ ...,
“Mahesh ayya, mata epa wela inne ...“


මේ අපේ .....මලයනේ ...මම කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩ කරන කාළේ ...වෙනත් ඒකකයක සේවය කළ අතුරු වෛද්‍ය සේවාවක හිටිය නිලධාරියෙක් ...ඇත්තම කිව්වොත් , කරාපිටියේ වැඩ කළාට මේ මලය මට මුණ නොගැහුණු තරම් ..ඒත් facebook එකෙන් නම් මුණ ගැහිලා තියෙනවා ....කෝකටත් මොකක්ද මේ පණිවිඩේ කියල බලමු ...


 hi ....what happend mallie ...? බලමු මොකද කියන්නේ කියලා ?....


Now i am at (රටක නමක්) . but home sick...මලයගෙන් උත්තරයක් ලැබුණා ... ඔව් මට මතකයි මම මෙහේ එන්න කිට්ටුව මේ මල්ලිත් විදේශගත වෙන්න ආසාවකින් හිටි බව ..


ooooooooo ...... its normal ...it will be ok after 3 weeks . මම උත්තඑයක් බැන්දා ..


pissu wage. avilla sathiyay wenne ..ආයෙත් ...තත්ත්වේ ටිකක් කතා කරන්න ඕන මට්ටමක වගේ ...


mage hitha hadenna monawa hari kiyanna. හිතට දැනෙන ඉල්ලීමක් ..


 කතාවක් පටන් ගත්තා ..අකුරින් අකුර ඩිජිටල් තරංග බවට පත්වෙලා කිලෝමීටර් දහස් ගණනක් දුර රටවල් දෙකක් අතරෙ හුවමාරු වුනා . හිතේ තියෙන දුක මම අහගෙන හිටියා ...දෙන්න පුළුවන් උපදෙස් , මමත් ලද අත්දැකීම් දුන්නා ...(සමහර විට අපේ සිංහල බ්ලොග්වලට තවත් හොඳ බ්ලොග් එකක් එක් වෙන්නත් පුළුවන් ) , පොඩි පොඩි උපක්‍රමත් කතා කළා ..ඒ සියල්ල අවසානයේ පනස් හත් වැනි විනාඩියෙදි , මට ටිකක් හොඳ ප්‍රතිපලයක් ලැබුනා ...ow mama hitha hadagena innam.,aye man katha karannam....Bohoma pin ayye. Budusaranai ...
ඒ කතාව එහෙම අදට අවසන් වුනා ..මට මතක් වුනේ , මීට අවුරුදු හයකට විතර ඉස්සර මාත් කටාර් රාජ්‍යෙය් , රැකියාවට ගිය මුල් දින කිහිපය , Health and safety coordinator කෙනෙක් විදියට , ඒ ආයතනයේ මට කරන්නට වෙහෙසකර රාජකාරියක් නොතිබුණත් , අවශ්‍ය මොන පහසුකම් ලැබුණත් , මුල් සති දෙක තුන ගත කළේ “ඇඬූ කඳුලින්“ වගේ ..හැමෝම කිව්ව ඔය හෝම් සික් ...ගනන් ගන්න එපා ..ඇරිලා යාවි ...ඒත් මට මතක විදියට සති දෙකකට විතර පස්සේ තමයි ආපු එකේ කොහොම හරි ඉන්නව කියල හිත හදාගත්තේ ...

විදෙස් ගත වන අපි බොහෝ දෙනෙක් මුහුණ දෙන මේ තත්ත්වය ගැන අද යමක් ලියන්නට ඕන කියල හිතුනා ..home sick ..කියල පොදුවෙ හඳුන්වන මේ තත්ත්වයට නිසි පදය තමයි culture shock ....හ්ම් .. .ෂොක් තමයි ... හැබැයි මුලින් නම් “ෂෝක් නැති ෂොක් එකක් ..“ ..

අපි කතා කරමු මේ ගැන ...“තමාට නුහුරු වූ රටකට  , නැත්නම් සංස්කෘතික පරිසරයකට ඇතුළුවන්නෙක් , එහි මුල් අවදියේදි අත්දකින “මානසික නොසන්සුන් සහ අන්දමන්ද“  වීමේ ස්වභාවය තමයි මේ කල්චර ෂොක් එක කියල බොහෝ පර්යේෂකයන් හඳුන්වන්නේ ..

ඌ .... ලස්සන  කැත 
ඉතින් කල්චර ෂොක් එක වැදුනම මොකද වෙන්නේ ...මොනවද ඉතින් කියාගන්න බැරි හිතේ දුකක් , ගෙදර අය මතක් වෙනවා , කරපු කියපු දේවල් ඇහෙනවා පේනවා වගේ දැනේනවා , ආපු මෝඩකමක් මේක දමල ගහල ආයෙ ගෙදර යන්න ඕනම කියල හිතෙනවා ...කන්න ගියත් උගුරෙන් පල්ලෙහාට ගියේ නෑ වගේ ...ඔක්කොමල එපා වෙලා ..කවුරුවත් ඕන නැහැ ..මට ඕන තනියම ඉන්න ...ඔන්න ඔය වගේ සිතුවිලි වලින් හිත ඔද්දල් වෙනවා .. මේ ගමන් ආවේ තනියම නම් තත්ත්වේ තවත් දරුණුයි , අනෙක ආපු රටේ අපේ කෙනෙක් නැත්නම් ඒත් තත්ත්වේ අමාරුයි ..ඒ කොහොම වුනත් මේ හැමෝටම යම් තරමින් මේ අත්දැකීම ලැබෙනවා .. අපි තව ටිකක් මේ තත්ත්වයේ ලක්ෂණ හොයල බලමු ... නින්ද .........නිදාගන්නනම් පුළුවන් ඕන තරම් ... ඒත් ඇඳට ගියාට නින්ද යන්නේ නැහැනේ ..මහ රෑ වෙනකම් නිදි වගේ ගෙදර ගැන , අම්ම තාත්ත , බිරින්දෑ ..දරුවෝ ගැන හිත හිතා ඉන්නවා ..කාටවත් නොපෙනෙනන් අඬපු හැඬුම් ඇති මදි නොකියන්න .. නෑ ම තමයි .. යාළුවො කොච්චර පැහැදිලි කළත් කතා කළත් “වැඩක් නෑ..“ මේක හරියන්නේ නැහැ ...නැ යන්නම තමයි ..(මගේ මේ මිත්‍රයගේ චැට් එක කියවගෙන යත්දිත් “නැ“ යන්න බොහොමයි ..) ...
හිත නිස්කලංක නැහැ , හැමතිස්සෙම anxiety , යාළුවෝ විහිලුවක් කලොත් ටිකක් වෙනද වැඩිය තරහ යන්නත් පුළුවන් . ඊළඟට ඊට වඩා දුකක් හිතේ පිරිලා යනවා ..තනිකම දරා ගන්න බැහැ කියන තරමට දැනෙනවා ..දැන් හිතෙනවා මගේ දරා ගැනීමේ සීමාව අන්තිමටටම ඇවිල්ල කියල ........ඔහොම හැඟීම් ගොඩයි ... ඇති ඒ ගැන කතා කලා ...මේව කියල ආයෙත් හිත් රිදවන්න ඕනයැ නේද ? ...

මේ culture shock එක ගැන මුලින්ම හොඳ පැහැදිලි කිරීමක් කළේ 1954 දි Kalvero Oberg කියන මානව විද්‍යාඥයා ..ඔහු හදුනවා දෙන විදියට , මේ ෂොක් එකේ පියවර හතරක් තිබෙනවා ...මුලින්ම තියෙන්නේ Honeymoon phase එක ... ඒ කියන්නේ අළුත් රටකට එන්න පුළුවන් වීම ගැන , මේ දකින අළුත් දේ ගැන සතුටින් හිතෙන , අවධිය , “අපේ රටේ ඒව වගේ නෙවි “ , බලන්න ලස්සනයි ..හරි පිළීවෙලයි ...හිතේ පොඩි තිගැස්මක් තිබුණත් ෆල්යිට් එකෙන් බැහැල මුල්ම නවාතැන් පලට  එනකම් , සමහර විට තවත් දින , සති කිහිපයක් යනකම් ඔහොම තමයි ., ලොකු දෙයක් ආපු එක ...හොඳ පඩියක් ගන්න පුළුන් , එච්චර කරදරේකුත් නැහැ වගේ .... 

ඔන්න ඊළඟට අළුත් සමාජයත් එක්ක , අළුත් ජනවර්ගයක් එක්ක , වෙනස් චර්යාවන් එක්ක එකතු වෙන කාළෙ වෙනකොට ...විශේෂයෙන්ම භාෂාව වගේ ගැටළු එනකොට ඔන්න පනිනව ඊළඟ stage එකට... Crisis phase ...දැන් ඉතින් එපා වෙනවා ..අර මුලින් දැක්ක හොඳත් දැන් නැහැ .මීට ඉස්සර වෙලා කිව්ව ඔක්කොම වගේ ලක්ෂණ මතු වෙන්නේ දැන් තමයි ..ඒ නිසා මේක Culture shock phase කියලත් නම් කරන්න පුළුවන් බවයි කාල්වර් පවසන්නේ ...

ඊළඟට මොනව කරන්නද ....ආපු එකේ ඉන්නව කියන phase එක ...ටික ටික අළුත් පරිසරයට හුරු වෙනවා .. මෙච්චර දවසක් මූණේ හිනාවක් නොතිබුනු කෙනා දැන් යාළුව මුණ ගැහුණම ටිකක් හිනාවනවා , ඩිංගක් මූණ බලල කතා කරනවා ...රටට , කෑම බීමට දැන ටිකක් හුරුයි , මොනව කරන්නද ආපු එකේ කොහොම හරි ඉන්නවා කියන මේ පියවර ,තමයි තුන් වන පියවර . මේ පියවරට නගින්නට සමහර විට මාස කිහිපයක් යන්න පුළුවන් .. එතං ඉතිං දුක තමා ..එතකං adjustment phase 

ඔහොම ටික ටික සෙට් වෙච්ච යාළුවා , මෙන්න අවුරුද්දකට විතර පස්සේ “ වැකේෂන් තව ටිකක් පරක්කු වෙලා ගන්නවා , තව සල්ලි ටිකක් එකතු කරගෙනම යන්න ..“ කියන්න තරම් හයියක් , හුරුවක් ඇතිවෙලා ..දැන් ඉතින් මේ යාළුව , අළුත් පරිසරය හොඳට හුරු වෙලා ..යාළුවො පිරිසකුත් ඉන්නවා , “නම කිව්වම කව්රුත් ‘දන්නව කියන තරමේ මේ පියවර නම් කරන්නේ නම් , Adaptation phase කියලා ..

‍දැන් මේක කියවන මගේ විදේශගත මිතුරන්ට හිනහත් යනවා ඇති පරණ දේවල් කිව්ව කියල ..ඔව් ඔය බොහොමයක් තත්ත්ව පොදු දේවල් ...

දැන් අපේ අළුත් යාළුවට කියන්න යන්නේ කොහොමද මේ තත්වෙට මුහුණ දෙන්නේ , සහ එය දරාගෙන ඉදිරියට යන්නේ කියල ...

වැදගත්ම දේ , open mindedness ....විවෘත සිතැත්තෙක් විදියට කටයුතු කරන්න , මේ වෙනස්විම් ගැන තේරුම් ගන්න උත්සාහ කරන්න , එය ඔබට පමණක් නොවේ , මේ වන විට සාර්ථකත්වයට පත්වෙලා ඉන්න ඔබේ මිතුරාත් පත් වූ තත්ත්වයක් බව තේරුම් ගන්න ...ඒ නිසා දෙන යහපත් උපදෙසක් පිළිබඳව නම්‍යශීලිව හිතන්න උත්සාහ කරන්න ...
... සතුටින් ඉන්න ගන්න උත්සාහය මග හරින්න එපා , “හිත රිද්දන දේවල්ම තමයි වෙන්නේ “ උනත්  උත්සාහ කරන්න ඒ හැම දෙයක්ම හිනාවෙලා බාර ගන්න ... මොකද මම තාම අලුත්නේ ..ටික දවසක් ගියාම හරියාවි ...

කතා කරන්න , දන්නා තරමින් , ඔබේ අදහස් ඔබේ අළුත් මිතුරන් එක්ක ප්‍රකාශ කරන්න , භාෂාවේ ගැටළුවක් ඇත්නම් ඔබේ බස දන්නා මිතුරෙක් එක්ක මුලින් කතාව පටන් ගන්න , ඊට පස්සේ වෙනත් භාෂා කතා කරන මිතුරන් පිරිසකුත් ඔබ හදාගන්න ඕන ..ඒ හැමෝමත් එක්ක , බොහොම උණුසුම් , ප්‍රියමනාපව ඔබේ අදහස් පවසන්න .. නිදහසේ කතා කරන්න ..

මා ඉතින් යන්න යනවා ..
අළුත් රටේදි සමහර දේ මුලින්ම වරදිනවා , මොකද අපිට පුරුදු නැහැනේ , සමහර විට ඒ තාත්ෂණය ගැන දැනුමක් නැති වෙන්නත් පුළුවන් , නැත්නම් ඔබේ අවශ්‍යතාවය කියා ගන්න බැරි වෙන්නත් පුළුවන් ,බස් එකට නැග්ගත් ,කඩේකට ගියත් , ... ඔව් ..දැන් ඉතින් වැරදුනා කියල “කුලප්පු වෙලා“ වැඩක් නැහැ ..ඔබට විශේෂ හැකියාවක් ගොඩනගා ගන්න වෙනවා .. .ඒ තමයි සිදුවන වැරදි , අතපසුවිම් වලින් පාඩම් ඉගෙන ගෙන ආයේ එහෙම නොවන්න කටයුතු තරන එක ...

දරා ගන්න , ඔබ මේ කරන්නේ කැප කිරීමක් ..තවෙකෙක් වෙනුවෙන් ..එහෙම නැත්නම් ඔබේම අනාගතය වෙනුවෙන් ..හිතේ දිරිය වඩවා ගන්න ..සතුටින් සිතන්න , ආ ගමනේ හොඳ පැත්ත දකින්න උත්සාහ කරන්න , මේ ටික බර උනත් ..තව ටික කලක් යත්දි ලැබෙන සුවය , පහසුව , ගැන සිතන්න .. බලාපොරොත්තුව ගැන සතුටින් හිතන්න ..කාලය යනව දැනෙන එකක් නැහැ එතකොට ..

ඉගෙන ගන්න අළුත් රට ගැන , ඒ රටේ චරායවන් සංස්කෘතික ගති ලක්ෂණ ගැන අධ්‍යයනය කරන්න ..ටික ටික දැනේවි මේක අළුත් තැනක් නොවෙන වග ...මිතුරු පිරිසක් හදා ගන්න , ඉඩ ලද විටක ඇවිදින්න , රටේ වට පිටාව , ලස්සන තැන් බලන්න යන්න ..(මත්පැන් මගින් ලබන සතුටට වඩා , මේ විදියට සතුටු වෙන්න උත්සාහ කරන්න) ...අඳින පළදින දේ පිළිවෙලට පිරිසිදුවට  කරන්න , හැකි හැම විටම යම් වැඩක යෙදෙන්න ...විවේකයක් ලැබුණ මොහොතක් , නිකං කල්පනා කර කර ඉන්නවට වඩා හොඳයි ලස්සන සිංදුවක් අහන්න , පුළුවන් නම් ලංකාවෙදි තමන් ආසම කරපු ගායකයගේ සිංදු ටිකක් අහන්න ...නිවාඩු දවසට තමන්ගේ නවාතැන් පල හොඳට පිළිවෙලට අස් පස් කරලා , නැවුම් දවසක් ගත කරන්න , නිකම් ගේ ඇතුලට වෙලානම් ඉන්න එපා ..

මේ හැම දේමත් එක්ක ..දැනෙන තනිකම නැති කරගන්න මේ තාක්ෂණෙත් සෑහෙන උපයෝගී කරගන්න පුළුවන් , ලැබෙන පඩියෙන් ගත්ත කොම්පියුටරේ හරි , කිට්ටුව තියෙන internet cafe  එකකට හරි ....සමහර රට වල නම් පුස්තකාල වල පරිගණක පහසුකම් ලැබෙන තැනකදි හරි ලැබෙන අන්තර්ජාල පහසුකම් යොදාගෙන ඔබේ පවුලේ අයට කතා කරන්න පුළුවන් , දැන් තාක්ෂණේ දියුණුවත් එක්ක , අපිට නොලැබෙන්නේ ඔවුන්ගේ ගත උණුසුම විතරයි , ගෙදර හිටිය විදයටම අම්ම , තාත්ත , දරුවෝ හමෝමත් එක්ක කතා කරලා , ඒ අයත් සතුටින් තබන ගමන් ඔබටත් හිත හදාගන්න පුළුවන් .ඒ වගේම facebook , tweeter වගේම සිංහල බ්ලෝග් අවකාශයට ඇතුළු වීමත් “හිත නිවා ගන්න“ අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි කියල මට හිතෙනවා .....
සෙට් වෙන්න (බෝතලේට නෙවි )

දැන් නං හොඳටෝම ඇති නේ ...ලොකු දෙයක් මෙච්චර වෙලා කියවපු එකත් ...මොකද මේ වගේ ලිපි ඉතින් කියවන්න “රස වෑහෙන්නේ නැහැ නේ“ ..ඒ වුනත් ජීවිතේ ජීවත් කරවත්දි අපි මුහුණ දෙන මේ සිදුවීම් ගැනත් ටිකක් හිතුවොත් තමා හොඳ ...

එහෙම නම් , අදට සමුගන්නම් , shock හැදුන අය , නිවේවා කියල පතනවා ...එළඹෙන පින්බර වෙසඟ වෙනුවෙන් මෙහෙත් පතනවා ..


පින් සිත් වැඩේවා ..
දහම් රස හිමිවේවා ..
මිනිස් ගුණ දිනේවා ..
සැමට පින්බර වෙසඟ වේවා ..

13 comments:

  1. ඔය අත්දැකීම මට හොඳට තියනවා, මාත් රට ගිය අලුත සෑහෙන්න හිතින් විඳෙව්වා, පහු වෙනකොට ටික ටික එජස් වෙනවා .....

    ReplyDelete
  2. මේ ගැන නම් කලින් දැනං හිටියෙ නෑ..ස්තුතියි..
    ඉතුරු ලිපි ටිකත් PDF කරන්න පුළුවන් නම්..

    ReplyDelete
  3. Commented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි මටනම් තවම ඔය අත්දැකීම නැහැ. මොකද මම රට ගිහින් නෑනේ...

    ReplyDelete
  4. මට නම් තිබුනෙම නැති දෙයක් ඔය හෝම් සික් එක. අනේ මන්දා ඒ ඇයි කියල. ඔබතුමා දන්නවද එහෙම නොවෙන්න හේතු?

    ReplyDelete
  5. -පන්සල් හංදිය ,
    ඔව් .. ස්තුතියි ඔබේ අත්දැකීමත් එක් කළාට ..

    -රූ.... ,
    ස්තුතියි රූ.... , ඒ වගේම මතක් කිරීමට , ඔව් ප්‍රමාදයක් වුනා ..අද කොහොම හරි ඒ ටිකත් pdf කරන්නම් ,

    -Commented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි ,
    ඇත්තද ? ... එහෙනම් දැන් දැනුත් වෙන්නකෝ ...කොහොම වෙතත් මේ වෙනසත් “සුන්දරයි “ ටික කලක් ගියාම ..

    -ක්සැන්ඩර් | Xander,
    ඔව් හේතු ගණනාවක් නිසා මේ හෝම් සික් කියන තත්ත්වයම ඇති නොවනත් සාමාන්‍ය anxiety තත්ත්වයෙන් පමණක් නවතින්න පුළුවන් , ඒ ඔබ අදාල රට ගැන , සංස්කෘතිය ගැන ,පරිසරය ගැන පූර්ව වශයෙන් ලබ ගත් දැනුම , භෘෂා හැකියාව , ඒ වගේම තමන්ගේ සංස්කෘතියේ බලපෑම ඒ රටේ දිත් යම් පමණකින් හෝ ලැබීම නිසා වෙන්නට පුළුවන් ., ඒ වගේම ඔබේ වයස , සහ වගකීම් වල ස්වභාවයත් ඊට සෘජු දායකත්වයක් දරනවා ...ස්තුතියි ක්සැන්ඩර් | Xander

    ReplyDelete
  6. වෙන රටකට ගියාම දැනෙන ෂොක් එක ගැන අත්දැකීමක්නං නෑ. ඒත් ගමේ කණිෂ්ටෙන් නගරෙ මහ විද්‍යාලෙට ගිය අළුත ඔය විදිහෙ ෂොක් එකක් ඇති වෙලා තියෙනව.

    ReplyDelete
  7. ඔය ගැන අත්දැකීමක් නම් නැහැ, ඒත් පරිසරය ක්ෂණික ව වෙනස් වුණා ම ඒක ටිකක් දරාගන්න අමාරුයි කියලා නම් දන්නවා, ස්තූතියි මේ ගැන විස්තර ඇතුව දැනුවත් කළාට!

    ReplyDelete
  8. -පරිකල්පන ,
    ඔව් පරිකල්පන ....ඒත් මෙහිම තවත් මුලික අවස්ථාවක් ..ස්තුතියි අදහස් දැක්වූවාට.

    -ලහිරු ,
    ඔව් පරිසරය , එක්ක සංස්කෘතය භාෂාව වගේ හැම දෙයක්ම වෙනස් අවස්ථාවකට මුහුණ දුන්නම තමයි මේ දුෂ්කර අවස්ථෘවට පත්වෙන්නේ ..
    ස්තුතියි ලහිරු

    ReplyDelete
  9. අද මහේශ් අයියගේන් වෙනස්ම වදියේ කථාවක්.. මමත් රට යන්න බය ඔන්න ඔය ප්‍රශ්නේ නිසාම තමයි..

    ReplyDelete
  10. -මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ ,
    ස්තුතියි දැන ගෙන යන එක තමයි වටින්නේ ..

    ReplyDelete
  11. you are so right......

    ReplyDelete
  12. ලියලා ටික කාලයක් ගිය පොස්ට් එකක් උනත් මට මේ ඔක්කෝම ටික මුල ඉදන් කියවගෙන යන ගමන් මේක අහුවුන නිසා මේ ප්‍රශ්නේ අහන්න හිතුනා...

    බැන්දට පස්‌සේ ඇතිවෙන ගෙදර දාලා ආපු දුකත් මේකෙම වර්ශන් එකක්ද අයියේ.... ඇත්තම කිව්වොත් බැදලා අවුරුදු 2ක් උනත් මටත් තාමත් ඒ වගේ හැඟීමක් තියෙනවා කියලා හිතුනා මේක කියවන කොට......

    මම නම් ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ ලිපි වලින්... විශේෂයෙන්ම කියන්න ඕනෙ බිරිදගෙන් වෙන්වෙන්න හදපු මගේ යාලුවෙකුටත් මේ ලිපි වලින් ලොකු උදව්වක් කරන්න මට පුළුවන් උනා... ඉතිං ඒ ගැනත් ඔබට පිං......

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ හරි ...ඒ Cultural shock එකේ තවත් අවස්ථාවක් තමයි ..එකම රටේ වුනත් යම් වෙනස් වීමක් , පරිසරය , සංස්කෘතිය , දේශගුණය , සමාජයේ චර්යාවන් , ....ඔය වගේ දේවල් වල වෙනස්වීමක් සහිත ස්ථාන දෙකකදි මේ තතත්වය දැනෙන “හැඟීමක්“ වෙන්න පුළුවන් ..ඒ තියා ගෙදරින් පිට වීමම , හිතට “ලොකු වෙනසක් කරනවා “ නොවැ... බලන්න තවත් අවුරුදු 8කින් පස්සේ , ඔබේ දස වන විවාහ සංවත්සරය සමරත්දි , ඔය හැඟීම , හුඟක් වෙනස් වෙලා තියේවි ....

      බොහොම ස්තුතියි අගැයුමට ...ඒ වගේම හරිම සතුටුයි මේ කළ අකුරකින් හෝ යම් පලක් වී ඇත්නම්

      ස්තුතියි , රැඳි ඉන්න “සොඳුරු සුව අසපුව“ සමඟින් ..

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)